
ඉහළ ගිය එළවළු හා මාළු මිල ගණන් තවමත් අහසේ
නත්තල සහ අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය එළවළු සහ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
වෙළෙඳුන් පවසන්නේ, කැරට් කිලෝවක් රුපියල් දහසක් පමණ වන අතර, අමු මිරිස් සහ ඉඟුරු කිලෝව රුපියල් දෙදහසේ සීමාවට ළං ව ඇති බවයි.
එමෙන්ම මාළු වෙළෙපොළේ තොග මිල ගණන් ද පාරිභෝගිකයාට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද ඊයේ (04) උදෑසන ඉහළ මට්ටමක පැවති බව වාර්තා වේ.
ඒ අනුව මිල දැක්වුණේ කැරට් කිලෝවක් රුපියල් 750ක්, බෝංචි රුපියල් 500ක්, ලීක්ස් රුපියල් 250ක්, මාලුමිරිස් රුපියල් 700ක් සහ ගෝවා රුපියල් 450ක් ලෙසයි.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, මාළුමිරිස්, වම්බටු, බෝංචි, තක්කාලි, අමුමිරිස් ආදී එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 900 ඉක්මවා අද අලෙවි වී ඇත.
එලෙස විශාල මිලකට අලෙවි වූ එළවළුවල මිල ගණන් ඇතැම් වෙළෙඳුන් අද ප්‍රදර්ශනය කර තිබුණේ ද නැති බව සඳහන් වේ.
නුගේගොඩ සතිපොළේ මාළුමිරිස් කිලොවක් රුපියල් 1,000කටත් අමුමිරිස් කිලෝවක් රුපියල් 1,600කටත් කැරට්, බෝංචි සහ තක්කාලි රුපියල් 800කටත් අලෙවි වූ බව වාර්තා වේ.
මේ අතර, කොළඹට එළවළු රැගෙන එන දඹුල්ල, තඹුත්තේගම හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානවල ද එළවළු මිල පැවතියේ ඉතා ඉහළ අගයක බව සඳහන්ය.
එළවළු මිල පමණක් නොව මාළු මිල ගණන් ද ඉහළ ගොස් තිබෙන බව වෙළෙඳපොළෙන් වාර්තා වේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද මත්ස්‍ය මිල දැක්වුණේ, කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 2,000ක්, බලයා රුපියල් 1,000ක්, තෝරා රුපියල් 1,800ක් සහ පරව් කිලෝවක් රුපියල් 1,500ක් සහ ලින්නා රුපියල් 800ක් ලෙසයි.
එමෙන්ම බේරුවල වරායේ ද මත්ස්‍ය මිල ඉහළ අගයක පැවති බව සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
