විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස තියෙන්නේ යටි අරමුණක්.. - ලාල් විජයනායක
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම වැළැක්වීම සඳහා නීතිඥවරුන් ලෙස විරෝධතාවයේ නිරත වන බව අධිනීතිඥ ලාල් විජයනායක පවසයි.
මහනුවර නීතිඥ සංගමයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිනීතිඥ ලාල් විජයනායක කියා සිටියේ, ඉදිරියේදී රජයේ නිලධාරීන්ට, හිටපු දේශපාලඥයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට එරෙහි විශේෂිත නඩු කිහිපයක තීන්දු දීමට නියමිතව තිබියදී විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර ගැනීම පිටුපස යටි අරමුණක් ඇති බවට සාධාරණ සැකයක් මතු වන බවයි.
"මෙවැනි අවස්ථාවක විනිසුරුවන්ගේ සේවා කොන්දේසි වෙනස් කිරීම, සේවා කාලය දීර්ඝ කිරීම හෝ වැටුප් වැඩි කිරීම හරහා රජයට පක්ෂපාතී තීන්දු ගැනීමට බලපෑම් ඇති විය හැකියි. අධිකරණයේ ස්වාධීනත්වය නැති වුවහොත් අප සැමට සිදුවන්නේ විධායකයේ වහලුන් බවට පත්වීමටයි. නඩු ප්‍රමාණය වැඩි නිසා විශ්‍රාම වයස වැඩි කරනවා කියන කතාව පිළිගන්න බෑ. නඩු ප්‍රමාදයට හේතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ අධිකරණවල පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟයයි. ඒවට පිළියම් යෙදුවොත් බන්ධනාගාරවල ගැටලුත් නිකම්ම අඩු වෙනවා." යනුවෙන් පෙන්වා දෙනවා.
මේ අතර, තමන් ජාතික ජන බලවේගයේ නිලතල දරන සාමාජිකයෙකු බවත්, මෙම ප්‍රශ්නයේදී නිශ්ශබ්දව සිටින ලෙස ලාල් කාන්ත තමන්ට දුරකථනයෙන් කතා කර පැවසූ බවත් ලාල් විජයනායක මෙහිදී අනාවරණය කළේය.
"මම එදත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා, අදත් පෙනී සිටිනවා. මට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍යයි කියන එක මම එතුමාට කිව්වා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ලිපියක් යැවීමටත් කටයුතු කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණොත් එය ඒකාධිපතිත්වයකට අතවැනීමක්" යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්