ඩෙංගු එන්නත පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට සූදානම් වීම දැඩි අසාධාරණයක් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කුඩා ළමුන් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දීමට නියමිත 'Qdenga (TAK-003)' එන්නත පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට සූදානම් වීම හරහා මෙරට නිදහස් සෞඛ්‍ය සේවය යටතේ ප්‍රතිකාර ලබන දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මෙම එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය තවමත් ලැබී නොමැති පසුබිමක, එය මුලින්ම පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට අවසර දීම ගැටලුසහගත බවයි.
මෙම එන්නත සහ වුල්බැකියා බැක්ටීරියා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලෙස වසර කිහිපයක සිට තමන් යෝජනා කළ ද බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවත්, ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම වැදගත් බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙම එන්නත් කුප්පියක මිල ඇමෙරිකානු ඩොලර් 80ක් පමණ වන අතර, මාස තුනක පරතරයකින් මාත්‍රා දෙකම ලබා ගැනීමට රෝගියෙකුට රුපියල් 60,000කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ.
සාමාන්‍ය ජනතාවට මෙවැනි විශාල මුදලක් දැරීමට නොහැකි බැවින්, රජයේ රෝහල් හරහා මෙය නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ප්‍රදේශවල වයස අවුරුදු 6-16 අතර දරුවන් සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදුකළ සායනික පරීක්ෂණ මගින් මෙහි සාර්ථකත්වය තහවුරු වී ඇති අතර, එන්නත ලබා දී දින 8ක් වැනි කෙටි කාලයකින් ආරක්ෂාව සැලසීම මෙහි විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ වර්තමාන ඩෙංගු ආසාදනවලින් 80%කට පමණ හේතු වී ඇති DENV-2 ඇතුළු වෛරස් ප්‍රභේද හතරටම එරෙහිව මෙය ක්‍රියාත්මක වේ.
දැනටමත් ඉන්දියාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් 43ක මෙම එන්නත අනුමත කර ඇති අතර, රටවල් රැසක රාජ්‍ය එන්නත්කරණ වැඩසටහන් යටතේ මෙය නොමිලේ ලබා දෙන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්