විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට ජාත්‍යන්තර විනිසුරු සංගමයේ කනස්සල්ල..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර විනිසුරු සංගමය පෙන්වා දෙන්නේ, අදාළ යෝජනා අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදුනොකළ යුතු බවය.
ලොව පුරා විනිසුරුවරුන් නියෝජනය කරන ලෝකයේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය 1953 වසරේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් නගරයේ දී ආරම්භ කරනු ලැබීය.
ඉතාලියේ රෝමය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර විනිසුරු සංගමය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවූ ජාත්‍යන්තර සංවිධානයක් වේ.
ශ්‍රී ලංකා රජය මෑතකදී නිවේදනය කර ඇති මෙම යෝජිත නීති සම්පාදනය ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතීඥ සංගමය ඇතුළු තවත් බොහෝ ආයතන සහ විචාරකයින් විසින් ප්‍රකාශ කරන ලද බරපතළ තත්ත්වයන් පිළිබඳ සිය සංවිධානයේ අවදානය යොමුව ඇති බව ජාත්‍යත්තර විනිසුරු සංගමය පෙන්වා දී තිබේ.
මෙම නීතී සම්පාදනය කළ යුත්තේ තර්කානුකූල, ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියා පටිපාටියකට බව ඔවුන් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්