රුපියල් ට්‍රිලියන 7කට අධික දැවැන්ත මූල්‍ය හිඟයක්..
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල කිසිදු සුවිශේෂී ප්‍රගතියක් සිදුව නොමැති බවත්, මේ වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 7කට අධික දැවැන්ත මූල්‍ය හිඟයකට රජයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව අවධාරණය කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වාණිජ ණය සහ ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේ සිට බවයි.
රජය පවසන පරිදි ආර්ථිකයේ සැබෑ වර්ධනයක් සිදුව ඇත්නම්, 2027 වසර වන විට මෙරට දළ ජාත්‍යන්තර සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා වර්ධනය විය යුතු බව ඔහු සඳහන් කළේය.
රජයේ බදු ආදායම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 4ක් වූ රජයේ ආදායම, 2025 වසරේදී ට්‍රිලියන 5.1ක් දක්වාත්, මේ වසරේදී ට්‍රිලියන 5.6ක් දක්වාත් ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.
කෙසේ වෙතත්, ආදායම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් රජයේ වියදම් ඉහළ යමින් පවතින බවත්, ඒ හේතුවෙන් වසර අවසානයේදී රුපියල් ට්‍රිලියන 7කට වඩා වැඩි මුදලක් ණයට ගැනීමට රජයට සිදුවනු ඇති බවත් ඔහු අනාවරණය කළේය.
උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා, රජයේ ඉලක්කය උද්ධමනය 5%කට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීම වුවද, මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ උද්ධමනය 7% දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය.
මෙම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්