News Category
From Date
To Date
Maximum Number of Result

විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත වහාම හකුළාගන්න - විමල්ගෙන් කංචනට ලිපියක්

Jan 4, 2024 at 11:57 AM
|

2003 දී  'යළි පුබුදමු ශ‍්‍රී ලංකා' යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බවත්, එම පනත වහාම හකුළා ගන්නා ලෙසත් දන්වමින් ජනිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාට ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපිය පහළින්...

කාංචන විජේසේකර මැතිතුමා, 
ගරු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය, 
බලශක්ති අමාත්‍යාංශය,
අංක 80, 
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,  කොළඹ 07.

විදුලි බල ක්ෂේත‍්‍රයේ යෝජිත ප‍්‍රතිව්‍යුහගත කිරීම (විදුලි පනත මගින් සිදුකිරීමට නියමිත)

ඔබතුමා විසින් 2023.12.19 දින දරන මා වෙත යොමු කරන ලද උක්ත ශීර්ෂය සහිත ලිපියට ස්තුතිවන්ත වන අතර මෙම ලිපියෙන් ඊට පිළිතුරු ලෙස පහත සඳහන් කරුණු ඔබ වෙත යොමු කිරීමට කැමැත්තෙමි.

1 විදුලි බල ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ගැටළු ලෙස අප විසින් සහ බොහෝ විද්වතුන් මෙන්ම පොදු ජනතාව විසින් හඳුනාගෙන තිබෙන කරුණු පහත පරිදි වේ. 

1.1 පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමේදී රජයට අවාසිදායක කොන්දේසිවලට එකඟවීම මගින් සිදු කරනු ලබන දූෂණය.

1.2  පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම සඳහා සිදුකරනු ලබන දූෂණ සහ වංචාසහගත ක‍්‍රියාමාර්ග, විශේෂයෙන් ජලාශවලින් ජලය නිදහස් කිරීම මගින් ජල විදුලිය ජනනය සීමා කිරීම් සහ සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම සහ පමා කිරීම.

1.3  සෙසු රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාවන් එසේම තිබියදී ඉතා ඉහළ වැටුප් සහ දීමනා ගෙවීම අනුමත කිරීම මගින් පිරිවැය වැඩි කිරීම.

1.4  මහජන උපයෝගීතා කොමිසම නොමඟ යැවීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සහ ඒවා හෙළිදරව් වීමෙන් පසුව ඊට එරෙහිව පියවර නොගැනීම.

1.5  සිතාමතා සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම පිළිබඳව සොයාබලා නිසි පියවර ගත යුතු බවට අධිකරණය විසින් ලබා දී ඇති නියෝග පවා නොසලකා හරිමින් ආයතනයේ වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාවන් දිරිමත් කිරීම.

2. අදානි සමාගමට මහා පරිමාණ විදුලි ජනන ව්‍යාපෘතියක් ලබාදීම සඳහා විදුලිබල පනත සංශෝධනය කරමින් ඉතා ඉහළ මිලට තරගකාරීත්වයකින් තොරව එම සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කිරීම.  මෙ.වො. 10කට වැඩි ධාරිතාව සහිත ව්‍යාපෘති සඳහා රජයේ කොටස් අයිතියක් තිබිය යුතු බවට ප්‍රතිපාදන පනතට ඇතුළු කරනු ලබන්නේ එවැනි ව්‍යාපෘතියක් මගින් විදුලි පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් තිබෙන බැවිනි. ඒ අනුව දූෂිත ගනුදෙනුවක අවශ්‍යතාව සඳහා පනත පවා සංශෝධනය කර බලශක්ති පද්ධතිය අනතුරට ලක් කිරීම යනු ඉතාම නරක පූර්වාදර්ශයකි. ඒ මගින් ආණ්ඩුවේ සද්භාවය අභියෝගයට ලක් වේ. 

3. නමුත් සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් බාධා එල්ල කිරීම වැළැක්වීම සහ ඔවුන්ගේ මහජන වගවීම සහතික කිරීම සඳහා විදුලිබල පනත සහ සුනිත්‍ය බල අධිකාරි පනත සංශෝධනය කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම මගින් ආණ්ඩුව ඊට අදාළව දරන මතය පිළිබිඹු වේ.

4. එවැනි තත්ත්වයක් තුළ නව පනත මගින් ක්ෂේත‍්‍ර 6කට අදාළව විදුලි පද්ධතිය වෙන් කිරීම සහ එම අංශවල කළමනාකාරීත්වය, පුද්ගලික සහ රාජ්‍ය පුද්ගලික හවුල් සමාගම්වලට පැවරීම හරහා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම මගින් සමස්ත පද්ධතියේ කළමනාකාරීත්වය බිඳවැටීම හරහා රටේ බලශක්ති සුරක්ෂිතතාව පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැක. දැනට සියල්ල මධ්‍යගතව කළමනාකරණය කෙරෙන තත්ත්වයක් තුළ පවා පවතින අවුල් දෙස බලන විට වගකීම් කෑලිවලට කඩා පුද්ගලීකරණය කළ විට සිදුවිය හැකි තත්ත්වය වටහාගැනීමට මහා තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. 

5. විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට මෙ.වො. 10කට වැඩි ව්‍යාපෘතිවල රාජ්‍ය අයිතිය පිළිබඳව පනත මගින් ප‍්‍රතිපාදන පනවනු ලබන්නේ තාක්ෂණික හේතු මතය. දැන් එම ප‍්‍රතිපාදන ඉවත් කිරීමෙන් නොනවැතී මහා ජල විදුලි බලාගාර පවා පුද්ගලික අංශයට පැවරූ විට සිදුවන දේ තේරුම් ගැනීම සදහා මහා තාක්ෂණික දැනුමක් අවශ්‍යද? 

6. ඊට අමතරව නව පනත මගින් පිහිටුවනු ලබන උපදේශක සභාවට පත්කිරීම් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. ඒ අනුව එම සභාවට, මහජන උපයෝගීතා කොමිසමට බලපෑම් කිරීමට බලය ලබාදීම වරදකි. 

7. විදුලි බල ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවන අතර ඊට අදාළ මග පෙන්වීම පනත මගින් ලබාදී නොමැති නිසා පනත සම්මත වීමට පෙර ඒ පිළිබඳව අධිකරණයේ මතය ලබා ගැනීමේ හැකියාවක් ද නැත. එවැනි බාධාවන් තුළ අදාළ ප‍්‍රතිපත්තිය ප්‍රායෝගික තත්ත්වයට අනුව වෙනස් කිරීමේ බලය අමාත්‍යවරයාට ලබාදීම යනු අත්තනෝමතික තීන්දු ගැනීමට නීතිය මගින් ඉඩ සැලසීමකි.

8. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොදන්නා ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට පනත සම්මත කිරීම මගින් අමාත්‍යවරයාට බලය ලබාදීම යනු ගණන් නොදැමූ චෙක්පතක් අත්සන් කිරීමට සමාන වේ. එම ප‍්‍රවේශය පාර්ලිමේන්තු සදාචාරයට ද පටහැනි වන අතර පනත සම්මත කිරීමෙන් පසුව සකස් කරන ප‍්‍රතිපත්තිය මගින් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති පවා මහජන උපයෝගීතාව නොසලකා පුද්ගලික අංශයට පැවරීමට හැකියාව ලැබේ.

9. පසුගිය රජය යටතේ පවතින නීතිය තුළ පවා LNG ව්‍යාපෘතියට අත්තනෝමතික ලෙස අනුමැතිය ලබා දුන් ආකාරය දෙස බලන විට නව නීතිය යටතේ එවැනි ක‍්‍රියා සඳහා මහා පරිමාණ ඉඩක් විවෘත වේ. 

10. ඒ සියල්ල සැලකිල්ලට ගත් විට යහපාලන රජය විසින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් විදේශ විනිමය අර්බුදයට පාර කැපූ ආකාරයටම ඔබ විසින් නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට අපට නම් කිසිදු සැකයක් නැත. ඒ තුළ මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන අතර රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇත. 

එම නිසා 2003 දී  'යළි පුබුදමු ශ‍්‍රී ලංකා' යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බව සඳහන් කරන අතර වහාම පනත හකුළා ගන්නා ලෙස දන්වා සිටිමි. 

ස්තූතියි.

මෙයට - විශ්වාසී, 
විමල් වීරවංශ (පා.ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

2023-12-31

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.