News Category
From Date
To Date
Maximum Number of Result

විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත වහාම හකුළාගන්න - විමල්ගෙන් කංචනට ලිපියක්

Jan 4, 2024 at 11:57 AM
|

2003 දී  'යළි පුබුදමු ශ‍්‍රී ලංකා' යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බවත්, එම පනත වහාම හකුළා ගන්නා ලෙසත් දන්වමින් ජනිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාට ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපිය පහළින්...

කාංචන විජේසේකර මැතිතුමා, 
ගරු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය, 
බලශක්ති අමාත්‍යාංශය,
අංක 80, 
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,  කොළඹ 07.

විදුලි බල ක්ෂේත‍්‍රයේ යෝජිත ප‍්‍රතිව්‍යුහගත කිරීම (විදුලි පනත මගින් සිදුකිරීමට නියමිත)

ඔබතුමා විසින් 2023.12.19 දින දරන මා වෙත යොමු කරන ලද උක්ත ශීර්ෂය සහිත ලිපියට ස්තුතිවන්ත වන අතර මෙම ලිපියෙන් ඊට පිළිතුරු ලෙස පහත සඳහන් කරුණු ඔබ වෙත යොමු කිරීමට කැමැත්තෙමි.

1 විදුලි බල ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ගැටළු ලෙස අප විසින් සහ බොහෝ විද්වතුන් මෙන්ම පොදු ජනතාව විසින් හඳුනාගෙන තිබෙන කරුණු පහත පරිදි වේ. 

1.1 පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමේදී රජයට අවාසිදායක කොන්දේසිවලට එකඟවීම මගින් සිදු කරනු ලබන දූෂණය.

1.2  පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම සඳහා සිදුකරනු ලබන දූෂණ සහ වංචාසහගත ක‍්‍රියාමාර්ග, විශේෂයෙන් ජලාශවලින් ජලය නිදහස් කිරීම මගින් ජල විදුලිය ජනනය සීමා කිරීම් සහ සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම සහ පමා කිරීම.

1.3  සෙසු රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාවන් එසේම තිබියදී ඉතා ඉහළ වැටුප් සහ දීමනා ගෙවීම අනුමත කිරීම මගින් පිරිවැය වැඩි කිරීම.

1.4  මහජන උපයෝගීතා කොමිසම නොමඟ යැවීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සහ ඒවා හෙළිදරව් වීමෙන් පසුව ඊට එරෙහිව පියවර නොගැනීම.

1.5  සිතාමතා සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම පිළිබඳව සොයාබලා නිසි පියවර ගත යුතු බවට අධිකරණය විසින් ලබා දී ඇති නියෝග පවා නොසලකා හරිමින් ආයතනයේ වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාවන් දිරිමත් කිරීම.

2. අදානි සමාගමට මහා පරිමාණ විදුලි ජනන ව්‍යාපෘතියක් ලබාදීම සඳහා විදුලිබල පනත සංශෝධනය කරමින් ඉතා ඉහළ මිලට තරගකාරීත්වයකින් තොරව එම සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කිරීම.  මෙ.වො. 10කට වැඩි ධාරිතාව සහිත ව්‍යාපෘති සඳහා රජයේ කොටස් අයිතියක් තිබිය යුතු බවට ප්‍රතිපාදන පනතට ඇතුළු කරනු ලබන්නේ එවැනි ව්‍යාපෘතියක් මගින් විදුලි පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් තිබෙන බැවිනි. ඒ අනුව දූෂිත ගනුදෙනුවක අවශ්‍යතාව සඳහා පනත පවා සංශෝධනය කර බලශක්ති පද්ධතිය අනතුරට ලක් කිරීම යනු ඉතාම නරක පූර්වාදර්ශයකි. ඒ මගින් ආණ්ඩුවේ සද්භාවය අභියෝගයට ලක් වේ. 

3. නමුත් සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් බාධා එල්ල කිරීම වැළැක්වීම සහ ඔවුන්ගේ මහජන වගවීම සහතික කිරීම සඳහා විදුලිබල පනත සහ සුනිත්‍ය බල අධිකාරි පනත සංශෝධනය කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම මගින් ආණ්ඩුව ඊට අදාළව දරන මතය පිළිබිඹු වේ.

4. එවැනි තත්ත්වයක් තුළ නව පනත මගින් ක්ෂේත‍්‍ර 6කට අදාළව විදුලි පද්ධතිය වෙන් කිරීම සහ එම අංශවල කළමනාකාරීත්වය, පුද්ගලික සහ රාජ්‍ය පුද්ගලික හවුල් සමාගම්වලට පැවරීම හරහා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම මගින් සමස්ත පද්ධතියේ කළමනාකාරීත්වය බිඳවැටීම හරහා රටේ බලශක්ති සුරක්ෂිතතාව පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැක. දැනට සියල්ල මධ්‍යගතව කළමනාකරණය කෙරෙන තත්ත්වයක් තුළ පවා පවතින අවුල් දෙස බලන විට වගකීම් කෑලිවලට කඩා පුද්ගලීකරණය කළ විට සිදුවිය හැකි තත්ත්වය වටහාගැනීමට මහා තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. 

5. විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට මෙ.වො. 10කට වැඩි ව්‍යාපෘතිවල රාජ්‍ය අයිතිය පිළිබඳව පනත මගින් ප‍්‍රතිපාදන පනවනු ලබන්නේ තාක්ෂණික හේතු මතය. දැන් එම ප‍්‍රතිපාදන ඉවත් කිරීමෙන් නොනවැතී මහා ජල විදුලි බලාගාර පවා පුද්ගලික අංශයට පැවරූ විට සිදුවන දේ තේරුම් ගැනීම සදහා මහා තාක්ෂණික දැනුමක් අවශ්‍යද? 

6. ඊට අමතරව නව පනත මගින් පිහිටුවනු ලබන උපදේශක සභාවට පත්කිරීම් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. ඒ අනුව එම සභාවට, මහජන උපයෝගීතා කොමිසමට බලපෑම් කිරීමට බලය ලබාදීම වරදකි. 

7. විදුලි බල ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවන අතර ඊට අදාළ මග පෙන්වීම පනත මගින් ලබාදී නොමැති නිසා පනත සම්මත වීමට පෙර ඒ පිළිබඳව අධිකරණයේ මතය ලබා ගැනීමේ හැකියාවක් ද නැත. එවැනි බාධාවන් තුළ අදාළ ප‍්‍රතිපත්තිය ප්‍රායෝගික තත්ත්වයට අනුව වෙනස් කිරීමේ බලය අමාත්‍යවරයාට ලබාදීම යනු අත්තනෝමතික තීන්දු ගැනීමට නීතිය මගින් ඉඩ සැලසීමකි.

8. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොදන්නා ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට පනත සම්මත කිරීම මගින් අමාත්‍යවරයාට බලය ලබාදීම යනු ගණන් නොදැමූ චෙක්පතක් අත්සන් කිරීමට සමාන වේ. එම ප‍්‍රවේශය පාර්ලිමේන්තු සදාචාරයට ද පටහැනි වන අතර පනත සම්මත කිරීමෙන් පසුව සකස් කරන ප‍්‍රතිපත්තිය මගින් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති පවා මහජන උපයෝගීතාව නොසලකා පුද්ගලික අංශයට පැවරීමට හැකියාව ලැබේ.

9. පසුගිය රජය යටතේ පවතින නීතිය තුළ පවා LNG ව්‍යාපෘතියට අත්තනෝමතික ලෙස අනුමැතිය ලබා දුන් ආකාරය දෙස බලන විට නව නීතිය යටතේ එවැනි ක‍්‍රියා සඳහා මහා පරිමාණ ඉඩක් විවෘත වේ. 

10. ඒ සියල්ල සැලකිල්ලට ගත් විට යහපාලන රජය විසින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් විදේශ විනිමය අර්බුදයට පාර කැපූ ආකාරයටම ඔබ විසින් නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට අපට නම් කිසිදු සැකයක් නැත. ඒ තුළ මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන අතර රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇත. 

එම නිසා 2003 දී  'යළි පුබුදමු ශ‍්‍රී ලංකා' යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බව සඳහන් කරන අතර වහාම පනත හකුළා ගන්නා ලෙස දන්වා සිටිමි. 

ස්තූතියි.

මෙයට - විශ්වාසී, 
විමල් වීරවංශ (පා.ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

2023-12-31

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.