වෙළඳ හිගය ඩොලර් බිලියන 5.4 තෙක් වැඩිවේ..
2026 වසරේ මුල් මාස හය (ජනවාරි - ජූනි) කාලසීමාව තුළ මෙරට වෙළඳ හිඟය අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විදේශ අංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි. එම කාලය තුළ වාර්තා වී ඇති වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 5,489.1 කි.
මහ බැංකු දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3,270.1 ක් ලෙස පැවති වෙළඳ හිඟය, 2026 වසරේ අදාළ කාලය වන විට 67% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත.
මෙම වෙළඳ හිඟය මෙලෙස පුළුල් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉතා වේගයෙන් ඉහළ යාමයි.
2026 වසරේ මුල් මාස හය තුළ මෙරට මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,903.2 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 6.3 ක වර්ධනයකි. කෙසේ වෙතත්, එම කාලය තුළ ආනයන වියදම සියයට 26.9 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 12,392.3 ක් ලෙස වාර්තා වී තිබේ.
අපනයන අංශය සලකා බැලීමේදී කාර්මික අපනයන ඩොලර් මිලියන 5,424.6 ක් සහ කෘෂිකාර්මික අපනයන ඩොලර් මිලියන 1,450.4 ක් ලෙස සටහන් වී ඇත. ආනයන අංශයේදී ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන 3,168.4 ක් දක්වා ඉහළ යාම වෙළඳ හිඟය පුළුල් වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මීට අමතරව, සේවා ගිණුමේ ශුද්ධ ආදායම ද පෙර වසරේ මුල් මාස හයට සාපේක්ෂව සියයට 22.4 කින් පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මූලාශ්‍රය - lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්