එක්සත් ජනපද රජයේ ණය භාරය ඩොලර් ට්‍රිලියන 34 ඉක්මවයි
එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුවේ ණය, ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 34 ඉක්මවූ අතර, එම ප්‍රමාණය ලෝකයේ මීළඟ විශාලතම ණයගැතියා වන චීනයේ මුළු ණය එකතුව මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගෙන ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පෙරේදා(02) තම ණය එකතුව සම්බන්ධයෙන් හෙළිදරව් කළේ, එය 2023 අවසන් ව්‍යාපාරික දිනය වන දෙසැම්බර් 29 වන විට ඩොලර් බිලියන 1.5 කින් ඩොලර් ට්‍රිලියන 34 සීමාව ඉක්මවා ඇති බව පවසමිනි. ගෙවිය යුතු මුදල පෙර දිනට සාපේක්ෂව ඩොලර් බිලියන 90 කින් වැඩි වී ඇත.
වොෂින්ටනයේ රාජ්‍ය ණය දැන් එක්සත් ජනපදයේ පුරවැසි සෑම පිරිමියෙකුටම, ස්ත්‍රියකටම සහ දරුවෙකුටම ඩොලර් 102,000ක් හෝ එක් නිවසකට ඩොලර් 260,000ක් පමණ වන ලෙස බෙදී යයි. නිව් යෝර්ක් හි ක්‍රියාත්මක ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්ති කණ්ඩායමක් වන පීටර් ජී. පීටර්සන් පදනම විසින් පෙන්වා දෙන ලද පරිදි, සමස්ත එක්සත් ජනපද ෆෙඩරල් ණය දළ වශයෙන් චීනය, ජර්මනිය, ජපානය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල ආර්ථික වල එකතුවට සමාන වේ.
"අපි නව වසරක් ආරම්භ කරනවා, නමුත් අපේ ජාතික ණය එකම හානිකර සහ තිරසාර නොවන මාර්ගයක පවතිනවා." යනුවෙන් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් පීටර්සන් මාධ්‍ය වෙත පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ, “වසරින් වසර ට්‍රිලියනයෙන් ට්‍රිලියන ණය එකතු වීම, අපේ රටේ අනාගතය ගැන සැලකිලිමත් වන ඕනෑම ප්‍රතිපත්ති සම්පාදකයෙකුට දැල්වෙන අනතුරු ඇඟවීමේ ලකුණක් විය යුතුය.” යනුවෙනි.
IMF ඇස්තමේන්තුවකට අනුව, පසුගිය වසර වන විට චීනය ඩොලර් ට්‍රිලියන 14 ක පමණ රාජ්‍ය ණයකට හිමිකම් පෑවේය. සංසන්දනාත්මකව,එක්සත් ජනපද රජයේ ණය දළ වශයෙන් ලෝකයේ මීළඟ විශාලතම ණය ගැතියන් පස්දෙනා සඳහා වන චීනය, ජපානය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල ඒකාබද්ධ එකතුවට සමාන වේ. චීනයේ රාජ්‍ය ණය භාරය දළ දේශීය නිෂ්පාදනයෙන් 83%කට සමාන වීම හා සසඳන විට එක්සත් ජනපදය එම අගය 123% ණය ප්‍රමාණය ඉක්මවයි. ජපානය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව විශාලතම ණය බර ඇති රට වන අතර එය ජපාන දළ දේශීය නිෂ්පාදනයෙන් 255% කි.
වසර තුනකට පෙර ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසු එක්සත් ජනපද රජය ණය දෙන්නන්ට ගෙවිය යුතු මුදල ඩොලර් ට්‍රිලියන 6.25 කින් හෝ 23% කින් වැඩි වී තිබේ. එය පර්යාලෝකනය කරන්නේ නම්, රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 6ක් කරා ළඟා වීමට ජාතිය ආරම්භ කළ දිනයේ සිට වසර 225ක් පමණ ගත විය. පසුගිය දශක දෙක තුළ ණය වර්ධනය වීමෙ සිඝ්‍රතාවය වේගවත් වී ඇත. එය බැරැක් ඔබාමා ජනාධිපති ලෙස ගත කළ වසර අටක කාලය තුළ ඩොලර් ට්‍රිලියන 9කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය අතර පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිව් අවුරුදු ධුර කාලය තුළ තවත් ඩොලර් ට්‍රිලියන 7.8කින් ණය ප්‍රමාණය වැඩි විය.
අමෙරිකානු එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුවේ පසුගිය මූල්‍ය වර්ෂයේ දී ණය මත පොලී පිරිවැය ඩොලර් බිලියන 659 දක්වා ඉහළ ගියේය. සන්සන්දනාත්මකව එය රුසියාවේ සමස්ත ෆෙඩරල් අයවැය මෙන් දෙගුණයකි. මේ වසරේ පොලී ගෙවීම් ඇස්තමේන්තුගත අගය ඩොලර් බිලියන 750 ක් හෝ දිනකට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි වනු ඇත.
එක්සත් ජනපද ණය කපා හැරීම ගැන ජනාධිපති බයිඩෙන් නැවත නැවතත් අසත්‍ය ප්‍රකාශ කර ඇත. වාර්ෂික අයවැය හිඟය, රජයේ වියදම් ආදායම ඉක්මවන ප්‍රමාණය, ඔහුගේ පළමු වසර දෙක තුළදී ඩොලර් ට්‍රිලියන 1.7කින් හැකිලී ගියේය. එය කෝවිඩ්-19 උත්තේජක වියදම් නොමැතිකම පිළිබිඹු කරණු ලබන නමුත් එය මේ වසරේදි ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. එක්සත් ජනපදය පසුගිය වසර 20 තුළ රජයේ ආදායමට වඩා අඩුවෙන් වියදම් කර නැත. https://www.rt.com/business/590054-us-national-debt-record/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..