එක්සත් ජනපද රජයේ ණය භාරය ඩොලර් ට්‍රිලියන 34 ඉක්මවයි
එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුවේ ණය, ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 34 ඉක්මවූ අතර, එම ප්‍රමාණය ලෝකයේ මීළඟ විශාලතම ණයගැතියා වන චීනයේ මුළු ණය එකතුව මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගෙන ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පෙරේදා(02) තම ණය එකතුව සම්බන්ධයෙන් හෙළිදරව් කළේ, එය 2023 අවසන් ව්‍යාපාරික දිනය වන දෙසැම්බර් 29 වන විට ඩොලර් බිලියන 1.5 කින් ඩොලර් ට්‍රිලියන 34 සීමාව ඉක්මවා ඇති බව පවසමිනි. ගෙවිය යුතු මුදල පෙර දිනට සාපේක්ෂව ඩොලර් බිලියන 90 කින් වැඩි වී ඇත.
වොෂින්ටනයේ රාජ්‍ය ණය දැන් එක්සත් ජනපදයේ පුරවැසි සෑම පිරිමියෙකුටම, ස්ත්‍රියකටම සහ දරුවෙකුටම ඩොලර් 102,000ක් හෝ එක් නිවසකට ඩොලර් 260,000ක් පමණ වන ලෙස බෙදී යයි. නිව් යෝර්ක් හි ක්‍රියාත්මක ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්ති කණ්ඩායමක් වන පීටර් ජී. පීටර්සන් පදනම විසින් පෙන්වා දෙන ලද පරිදි, සමස්ත එක්සත් ජනපද ෆෙඩරල් ණය දළ වශයෙන් චීනය, ජර්මනිය, ජපානය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල ආර්ථික වල එකතුවට සමාන වේ.
"අපි නව වසරක් ආරම්භ කරනවා, නමුත් අපේ ජාතික ණය එකම හානිකර සහ තිරසාර නොවන මාර්ගයක පවතිනවා." යනුවෙන් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් පීටර්සන් මාධ්‍ය වෙත පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ, “වසරින් වසර ට්‍රිලියනයෙන් ට්‍රිලියන ණය එකතු වීම, අපේ රටේ අනාගතය ගැන සැලකිලිමත් වන ඕනෑම ප්‍රතිපත්ති සම්පාදකයෙකුට දැල්වෙන අනතුරු ඇඟවීමේ ලකුණක් විය යුතුය.” යනුවෙනි.
IMF ඇස්තමේන්තුවකට අනුව, පසුගිය වසර වන විට චීනය ඩොලර් ට්‍රිලියන 14 ක පමණ රාජ්‍ය ණයකට හිමිකම් පෑවේය. සංසන්දනාත්මකව,එක්සත් ජනපද රජයේ ණය දළ වශයෙන් ලෝකයේ මීළඟ විශාලතම ණය ගැතියන් පස්දෙනා සඳහා වන චීනය, ජපානය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල ඒකාබද්ධ එකතුවට සමාන වේ. චීනයේ රාජ්‍ය ණය භාරය දළ දේශීය නිෂ්පාදනයෙන් 83%කට සමාන වීම හා සසඳන විට එක්සත් ජනපදය එම අගය 123% ණය ප්‍රමාණය ඉක්මවයි. ජපානය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව විශාලතම ණය බර ඇති රට වන අතර එය ජපාන දළ දේශීය නිෂ්පාදනයෙන් 255% කි.
වසර තුනකට පෙර ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසු එක්සත් ජනපද රජය ණය දෙන්නන්ට ගෙවිය යුතු මුදල ඩොලර් ට්‍රිලියන 6.25 කින් හෝ 23% කින් වැඩි වී තිබේ. එය පර්යාලෝකනය කරන්නේ නම්, රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 6ක් කරා ළඟා වීමට ජාතිය ආරම්භ කළ දිනයේ සිට වසර 225ක් පමණ ගත විය. පසුගිය දශක දෙක තුළ ණය වර්ධනය වීමෙ සිඝ්‍රතාවය වේගවත් වී ඇත. එය බැරැක් ඔබාමා ජනාධිපති ලෙස ගත කළ වසර අටක කාලය තුළ ඩොලර් ට්‍රිලියන 9කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය අතර පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිව් අවුරුදු ධුර කාලය තුළ තවත් ඩොලර් ට්‍රිලියන 7.8කින් ණය ප්‍රමාණය වැඩි විය.
අමෙරිකානු එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුවේ පසුගිය මූල්‍ය වර්ෂයේ දී ණය මත පොලී පිරිවැය ඩොලර් බිලියන 659 දක්වා ඉහළ ගියේය. සන්සන්දනාත්මකව එය රුසියාවේ සමස්ත ෆෙඩරල් අයවැය මෙන් දෙගුණයකි. මේ වසරේ පොලී ගෙවීම් ඇස්තමේන්තුගත අගය ඩොලර් බිලියන 750 ක් හෝ දිනකට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි වනු ඇත.
එක්සත් ජනපද ණය කපා හැරීම ගැන ජනාධිපති බයිඩෙන් නැවත නැවතත් අසත්‍ය ප්‍රකාශ කර ඇත. වාර්ෂික අයවැය හිඟය, රජයේ වියදම් ආදායම ඉක්මවන ප්‍රමාණය, ඔහුගේ පළමු වසර දෙක තුළදී ඩොලර් ට්‍රිලියන 1.7කින් හැකිලී ගියේය. එය කෝවිඩ්-19 උත්තේජක වියදම් නොමැතිකම පිළිබිඹු කරණු ලබන නමුත් එය මේ වසරේදි ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. එක්සත් ජනපදය පසුගිය වසර 20 තුළ රජයේ ආදායමට වඩා අඩුවෙන් වියදම් කර නැත. https://www.rt.com/business/590054-us-national-debt-record/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..