නඩුකාරතුමන්ලාගේ අත්දැකීම් වැඩිවෙන්න වැඩි වෙන්න නීතියත් ඩිවලොප් වෙනවා.. වයසක අය පරිණතයි.. විනිසුරු වයස වැඩි කරන්නේ ඒනිසයි..
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරමින් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධව අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර, මෙම කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාද එක්ව සිටියේය.
එහිදී කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මෙම ප්‍රශ්නවලින් උණුසුම් වූ ආකාරයද දක්නට ලැබුණි.
එහිදී මාධ්‍යවේදීන් මෙම විනිසුරු විශ්‍රාම වයස් වැඩි කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධව ප්‍රශ්න කළ අතර මේ සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පිළිතුරු ලබා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා,
"අපි දීපු එක පොරොන්දුවක් තමයි අධිකරණවල මිනිස්සු සෑහෙන රස්තියාදු වෙනවා. මාස ගණන් අවුරුදු ගණන් අධිකරණවල නඩු යනකොට මිනිස්සු රස්තියාදු වෙනවා. එහෙනම් අධිකරණ අනිත් පද්ධති වගේම කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ කාර්යක්ෂම කිරීම සඳහා නඩුකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කිරීම එක පැත්තක් පමණයි තවත් පැති කීපයකටම අපි මැදිහත් වෙනවා. මූලිකව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති ගැටලු විසඳමින් ඒක කඩිනම් කරන්න ඕනේ. ඒකෙත් නඩු හිරවෙන තැනක්. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රශ්න විසඳිය යුතුයි. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේත්, උසාවිවලත් කාර්ය මණ්ඩලය මේ දවස්වල බඳවා ගනිමින් යනවා. මේ ඔක්කොම කරන්නේ නඩු ලක්ෂ 11ක් ගොඩනැගිච්ච පද්ධතියක් අපිට තිබෙනවා. මේක වේගවත් කිරීම ඉතා අත්‍යවශ කාරණාවක් හැබැයි ඒක කරන්න නම් මූලික දේ තමයි සාමාන්‍යයෙන් දියුණු රටක ජනගහනයෙන් මිලියනයෙන් එකකට නඩුකාරතුමන්ලා ඉන්නේ 40-60ත් අතර හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට ඉන්නේ 20ක් පමණයි. ඉතිං ඇත්තෙන්ම මේ අර්බුදය එන්න මූලික හේතුව තමයි වසර 10-15ක් තිස්සේම යම් පුරෝකථනයක් ඇතිව විනිසුරුවන් වැඩි වෙන්න තිබුණා. නමුත් එහෙම නොවී ඇවිත් නිසා තමයි නඩු ගොඩගැහිලා තිබෙන්නේ.
අපි මේ වයස් සීමාව වැඩි කරන්නේ අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් නෙමෙයි. අධිකරණ පණතත් සංශෝධනය කරලා දිසා විනිසුරුවන්ගේ මහේස්ත්‍රාත්වරුන්ගේ සියලුම අයගේ තමයි වසර දෙකකින් වැඩි කරන්නේ. වැඩි කරන මූලික දෙයක් තමයි උසාවි කාර්ය මණ්ඩල අත්‍යවශ්‍ය වගේම නඩු වේගවත් වෙනවා අත්දැකීම් තිබෙන පරිණත උදවියගෙන්. 1978න් පස්සේ මේ විශ්‍රාම වයස් සංශෝධනයක් වෙලා නෑ. ගොඩක් රටවල්වල අධිකරණවල වයස තිබෙන්නේ වයස 70. එතකොට අපි කල්පනා කළා යම් ප්‍රමාණයක් අපි රඳවා ගත යුතුයි. නඩුකාරතුමන්ලාගේ අත්දැකීම් වැඩිවෙන්න වැඩි වෙන්න නීතියත් ඩිවලොප් වෙනවා නඩු කාර්යක්ෂම කරගන්නත් පුළුවන්. ඒ හේතුව මත පිහිටලා තමයි සමස්තයක් ලෙස මේ වැඩි කිරීම කරන්න අපි උත්සාහ ගන්නේ.
මේක අද ඊයේ ආපු එකකුත් නෙමෙයි 2016ත් නීතීඥ සංගමය යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම රවුෆ් හකීම් මහත්මයා 2014-2015 වසරේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරලා තිබෙනවා. මම හිතන්නේ මේක 2017 ඉඳලා නිතරම වෘත්තියේ කතා වෙච්ච දෙයක්. පහුගිය වකවානුවල නීතිඥ සංගමය විසින් මට සැල කිරීම් එවලා තිබෙනවා. ඒවායේ කරුණු අපි සැලකිල්ලට ගත්තා. 388ක් ඉන්න තැනින් 65ක් යම් විරෝධයක් දක්වලා තිබෙනවා. හැබැයි අපි ඒ විරෝධයේ තිබෙන කරුණු සැලකිල්ලට අරගෙන ඒ ප්‍රශ්නත් අපි විසඳනවා අපි කිසි දෙයක් බැහැර කරන්නේ නෑ. එතකොට එවන් තත්ත්වයක් යටතේ තමයි මේ සංශෝධනය ගේන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි