තෙල් මිල ගැන තීරණයක් ගන්න ජනපති හමුවෙනවා..- සිපෙට්කෝ සභාපති
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ලෝක තෙල් වෙළෙඳපොළේ මිල ගණන් දැඩි ලෙස උච්ඡාවචනය වෙමින් පවතින පසුබිමක, ඉන් ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීමට ගත යුතු නව පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හදිසි හමුවක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වේ.
දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශකර ඇත්තේ ගෝලීය තෙල් වෙළෙඳපොළේ පවතින තත්ත්වය ශ්‍රී ලංකාවට දැඩි අවදානමක් ගෙන දෙන බවත්, පවතින අයහපත් ප්‍රවණතාවය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවයි.
සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය බරපතල අභියෝගයක් බව ඔහු පවසා තිබේ.
මේ මස මුලදී පැවැති මිල ගණන් වලට සාපේක්ෂව ඩීසල් මිල සියයට 45 කින් සහ පෙට්‍රල් මිල සියයට 30 කින් ඉහළ ගොස් ඇත. එතැන් සිට බොරතෙල් මිල ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
"අපි ජනාධිපතිතුමාගෙන් හමුවක් ඉල්ලා තියෙනවා, ඉදිරියේදී ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්න. ඉන්ධන පරිභෝජනය අඩු කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි," යනුවෙනුයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා ඇත්තේ.
දේශීය වෙළෙඳපොළේ අනෙකුත් සිල්ලර ඉන්ධන බෙදාහරින්නන් ද වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමේ දුෂ්කරතා පවතින බව ප්‍රකාශ කර ඇති බවත් සභාපතිවරයා එහිදී පවසා තිබේ.
"එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ නියඟය නිසා ජල විදුලි උත්පාදන ධාරිතාව අඩුවී ඇති අතර, එය විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ නංවා තිබෙනවා. මෙය අපට ඇති තවත් බරපතල අභියෝගයක්. ප්‍රමාණවත් තරම් ජල විදුලි උත්පාදනයක් නොමැති නිසා විදුලිය නිපදවීම සඳහා අපගේ තොගවලින් දිනෙන් දින වැඩිවන ඉන්ධන ප්‍රමාණයක් මුදා හැරීමට අපට සිදුවී තිබෙනවා," යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි