විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය..
ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය දැඩි විරෝධය පළ කරමින් 2026 ජූලි 22 දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත නිල ලිපියක් යොමු කර තිබේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් තමන්ට ද පෞද්ගලිකව සේවා කාලය දීර්ඝ වීමේ වාසිය හිමිවන පසුබිමක පවා, අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වූ විනිසුරුවරුන් 65 දෙනාම රහස් ඡන්දයකින් ඊට එරෙහිව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර තිබීම මෙහි ඇති විශේෂම කරුණයි.
මෙම සංශෝධනය හේතුවෙන් ඉදිරි වසර දෙකක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා වූ සමස්ත උසස්වීම් දාමයම සම්පූර්ණයෙන්ම ඇණහිටින අතර, වෘත්තීය නිලධාරීන්ගේ අභිප්‍රේරණය දැඩි ලෙස පිරිහී යනු ඇති බවට එම සංගමයේ අදහසයි.
දැනටමත් අධිකරණ නිලධාරියෙකුට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීමට අවම වශයෙන් වසර 17ක් පමණ ගතවන අතර, මෙම සංශෝධනය නිසා එම කාලය එකවරම වසර 19ක් දක්වා දීර්ඝ වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මහාධිකරණ පත්වීම් ලැබෙන වේගයට සාපේක්ෂව වෘත්තීය විනිසුරුවරුන් පසුපසට යාම නිසා, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයට වෘත්තීය විනිසුරුවරුන් පත්වීමට දැනට ඇති 20%ක සීමිත අවස්ථාව ද අහෝසි වී යනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.
තවද උසස්වීම් ලැබීමට දශක දෙකකට වඩා ගතවන පසුබිමක, දක්ෂ තරුණ නීතිඥයින් අධිකරණ සේවයට එක්වීමෙන් වැළකී සිටිනු ඇති බවත්, එමඟින් විනිශ්චයාසනයේ ගුණාත්මකභාවය පහළ වැටීමේ අවදානමක් මතුවන බවත් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට නම් පනත් සංශෝධනය කළ යුතු අතර, එය සෙසු මිලියන 2කට ආසන්න රාජ්‍ය සේවකයින් අතර ද විශ්‍රාම වයස පිළිබඳ අසමතුලිතතාවයක් සහ වෘත්තීය ගැටලු නිර්මාණය කිරීමට හේතු විය හැකි බවත් සංගමය පෙන්වා දෙයි.
එසේම අධිකරණ පද්ධතියට බලපාන මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් දේශපාලනමය හා පටු විවේචනවලට ලක්වීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වන බවත් නඩු විභාග ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව විනිසුරුවරුන්ගේ හිඟකම නොව, අධිකරණ කාර්ය මණ්ඩලවල පවතින 40%ක පමණ පුරප්පාඩු සහ ගොඩනැගිලි හා යටිතල පහසුකම් හිඟය බවත්, එසේම අධිකරණ ක්ෂේත්‍රයේ බුද්ධි ගලනයක් සිදු වී නොමැති බව ද සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම 2015 වසරේ සිටම අධිකරණ සේවා සංගමය මෙම ප්‍රතිපත්තිමය ස්ථාවරයේම රැඳී සිටින බව අවධාරණය කරන සංගමයේ සභාපති චාමර වික්‍රමනායක සහ ලේකම් සුරංග මුණසිංහ, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට, ගෞරවයට සහ මහජන විශ්වාසයට හානි පමුණුවන මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තවදුරටත් ඉදිරියට නොගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි