විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න.. - නාමල්
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් වහාම ජනමත විචාරණයකට යන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ජාඇල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ජනතාව මුහුණ දී සිටින දැවෙන ආර්ථික හා සමාජීය ප්‍රශ්න පසෙකලා විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන්නේ නම්, ඒ පිළිබඳ තීන්දුව ජනතාවට භාරදිය යුතු බවයි.
විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය පවා විරුද්ධ වී ඇති බව නාමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළේය.
"අද ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තුවේදී කියනවා තමන්ගේ මර්දනය ක්‍රියාත්මක කරන්න මේ පනත ඕනේ කියලා. යම් ව්‍යවස්ථා සංශෝධනයක් ආවොත් ඒ ගැන අධිකරණයට යන්න පුරවැසියාට අයිතියක් තියෙනවා. හැබැයි තමන්ගේම කාලය දීර්ඝ කිරීම ගැන තීන්දුවක් දෙන්න වුණාම ගරු විනිශ්චයකාරවරුනුත් අසරණ වෙනවා. අන්න ඒ නිසයි අපි කියන්නේ ආණ්ඩුවට හැකියාවක් තියෙනවා නම් ජනමත විචාරණයකට ගිහින් ජනතාවට ඒ තීන්දුව ගන්න දෙන්න කියලා." යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි