දෙවිනුවර පෙරහැරෙන් කාවඩි ඉවත් කරයි...
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් නිර්දේශ කර තිබේ.
කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ පෙරහැරෙන් ඉවත් කළ කාවඩි කණ්ඩායම් කිහිපයකට මෙවර අනිවාර්යයෙන් අවස්ථාව ලබාදිය යුතු බවට තර්ජනාත්මක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වන තවත් හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර, ඉකුත් ජූලි 21 වනදා දේවාලය ආසන්නයේ නිවසකට වෙඩි තැබීමක්ද සිදුව තිබේ.
මෙවන් පසුබිමක, ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් බුද්ධි තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමුකර ඇති බව සඳහන් වේ.
අදාළ ලිපියෙන්, කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පාර්ශ්ව අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
එම අපරාධ කණ්ඩායම්වල අනුගාමිකයන් කාවඩි නර්තන කණ්ඩායම් සමඟ එක්වීමට ඉඩ ඇති බවත්, ඒ හේතුවෙන් කලහකාරී තත්ත්වයක් ඇතිවී ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් අදාළ ලිපියෙන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම, කාවඩි නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී ඩ්‍රෝන යානා යොදාගෙන තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවටද බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
ඒ අනුව, කාවඩි නර්තන කණ්ඩායම් පෙරහැරේ ගමන් කිරීම තාවකාලිකව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි