බිරිඳගේ හිරිහැර ඉවසාගත නොහැකිව ASP ඕලුගල නීතියේ සහය පතයි!
සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව, ඔහුගේ බිරිඳ වන කිතුලින්න ගමාතිගේ මෙතුරිකා ගුණරත්න මහත්මිය ඊයේ (23) සිය ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කළාය.
තමන්ට සහ දරුවන්ට එල්ල වන බරපතළ තර්ජන හමුවේ බිරිඳගෙන් තාවකාලික ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීමට ඕලුගල මහතා මෙලෙස නීතිමය පියවර ගෙන තිබුණි.
තමන් පසුපස හඹා ඒම, සේවා ස්ථානයට පැමිණ බාධා කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සහ පෞද්ගලිකව සම්බන්ධ වීමට උත්සාහ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.නිරන්තරයෙන් එල්ල වන තර්ජන, රැකියා ස්ථානයට පැමිණ කරන බාධා කිරීම් සහ අනවශ්‍ය දුරකථන ඇමතුම් හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද ගොදුරු වූ බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ගොනු කළ ලිඛිත දේශන මඟින් අදාළ සියලු චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බිරිඳගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ මෙය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් නොව, සැමියාගේ කාර්‌යබහුල රැකියාව, විදේශ ගමන් සහ දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකිරීම වැනි කරුණු මත පදනම් වූ සාමාන්‍ය විවාහ ආරවුලක් පමණක් බවයි.
එමෙන්ම, මෙම චෝදනා සනාථ කිරීමට තරම් වෛද්‍ය වාර්‌තා, CCTV දර්ශන, දුරකථන සටහන් හෝ ස්වාධීන සාක්ෂි කිසිවක් පැමිණිලිකාර සැමියා පාර්‌ශ්වයෙන් ඉදිරිපත් කර නොමැති බව ද ඇය සඳහන් කරයි.
සැමියා විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ සහ පෞද්ගලික සාක්ෂි ස්වාධීන නොවන බව පවසන බිරිඳ, තමා වෙත පනවා ඇති තාවකාලික ආරක්ෂණ නියෝගය වහාම අවලංගු කරන ලෙසත්, ස්ථිර ආරක්ෂණ නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
උපුටා ගැනීම : FB - TTV News.lk
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි