මැද පෙරදිග අර්බුදයෙන් කලාපයේ වැඩිම බලපෑමට ලක්වූ මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවට පත්වෙලා..
මැද පෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින යුදමය හා දේශපාලනික නොසන්සුන්තාව හමුවේ කලාපීය මුදල් ඒකක අතුරින් වැඩිම බලපෑමට ලක්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ජූලි 22 දක්වා වූ මාස පහකට ආසන්න කාලය තුළ සිදුකරන ලද දත්ත විශ්ලේෂණයකට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 8කින් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.
ශ්‍රී ලංකා රුපියල මාසිකව ගත් කල අප්‍රේල් මාසයේදී සියයට 1.3කින් ද, මැයි සහ ජූනි මාසවලදී පිළිවෙලින් සියයට 2.6 බැගින් ද අවප්‍රමාණය වී තිබේ.
සමාන ආර්ථික තත්ත්වයන් සහිත සෙසු කලාපීය රටවල් හා සැසඳීමේදී මෙම පසුබෑම කැපී පෙනෙන අතර, එම කාලසීමාව තුළ:
තායිලන්ත බාත් (Baht) – 7.9%කින්
පිලිපීන පෙසෝ (Peso) – 6.6%කින්
ඉන්දීය රුපියල – 5.5%කින්
ඉන්දුනීසියානු රුපියල – 2.1%කින්
බංග්ලාදේශ ටාකා (Taka) – 0.6%කින් ද පහත වැටී ඇත.
මෙම අර්බුදකාරී ගෝලීය පසුබිම හමුවේ වුවද, පාකිස්ථාන රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 0.6ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.
මැද පෙරදිග අස්ථාවරත්වය හමුවේ මෙරට ආර්ථිකයේ පවතින සංවේදීතාව සහ ඊට එල්ල වී ඇති දැඩි අභියෝගය මෙම දත්ත මගින් තහවුරු වන බව ද විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා