සීඩීට වෙඩි වැදුණු පිස්තෝලයේ ඇඟිලි සලකුණු මැකිලා!
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට වෙඩි වැදුණු බව කියන පිස්තෝලයේ අවසන් ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීම දුෂ්කරවී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (22දා) පැවසීය.
ගිනි අවියක් පත්තුවීමෙන් පසු එය බොහෝ රත්වන ස්වභාවය හේතුවෙන් ඒවායේ බොහෝ විට ඇඟිලි සලකුණු මැකීයා හැකි බැවින් එම පිස්තෝලයේ ද එලෙස ඇඟිලි සලකුණු මැකී යෑමක් වී ඇති බවට අනුමාන කරන බව ඔහු කීය.
එසේ වුවද යම් අපරාධයකට යොදාගත් ගිනි අවිය හා ඊට යෙදූ උණ්ඩ ගැළපීම සහ කාලය පිළිබඳව කරුණු සොයාගත හැකි නමුත්, ඒ අනුව ඉහත අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමේ එක් සාධකයකට අපේක්ෂාව බොඳවන තත්ත්වයක් ඇතිවී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවැසීය.
එසේ වුවත් ඝාතනය සිදුවූ මොහොතේ නිවස තුළ හෝ පිටතින් නිවසට කිසිවෙකු රිංගූ බවට මේ වන තෙක් සාක්ෂි තහවුරු වී නැත.මේ අතර එය අත්වැරදීමකින් වෙඩි තබා ගැනීමක් හෝ සියදිවි නසා ගැනීමක් විය හැකි බවට දැනට අනුමාන කර තිබේ.
නිවසේ හා ඒ අවට එම ඝාතනය සිදුවීමට පෙර සී.සී.ටී.වී. දර්ශන ද පොලිස් විමර්ශනවලට භජනයවී තිබේ. එම වෙඩි වැදීම සිදුව ඇතැයි කියන මි.මී. 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, එම සිදුවීමට අදාළ නඩු භාණ්ඩ ලබන 28 දා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට 20දා නියෝග කර ඇති බව ද වාර්තා වේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්