මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ..
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක වත්මන් මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
දේශීය සහ ගෝලීය ආර්ථික තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් සහ ඉදිරි දැක්ම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව මහ බැංකුව සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ යළි උත්සන්න වී ඇති බලපෑම හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජ තෙල් මිල ගණන්, ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර, විවිධ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි.
2026 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම බලපා තිබේ.
ඉදිරි කෙටි කාලය තුළ උද්ධමනය 5%ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි නමුත්, ක්‍රමයෙන් ඉලක්කගත මට්ටම වෙත යළි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෑත කාලීන උද්ධමන ඉහළ යාම ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක හේතුවෙන් සිදුවූවක් වුවද, ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්වයන් ද ශක්තිමත් වී ඇති බව මහ බැංකුව පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්