මීගමුවේ ගැටුමෙන් මිය ගිය රැඳවියන්ට වන්දි ඉල්ලයි..
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් 21 දෙනාගේ පවුල් සඳහා වහාම සාධාරණ වන්දි මුදලක් ලබා දීමට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රජයෙන් ඉල්ලා සිටියි.
අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම්වලින් මෙම පිරිස මියගිය බවයි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම රැඳවියන්ගේ ජීවිත සම්බන්ධයෙන් රජය සෘජුවම වගකිව යුතු බවත්, බන්ධනාගාරයක් තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් රජය සම්පූර්ණ වගකීම දැරිය යුතු බවට ජනාධිපතිවරයා ද මීට පෙර ප්‍රකාශ කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
මියගිය රැඳවියන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් වන්දි ලබා දීම රජයේ වගකීමක් බව පෙන්වා දෙන එම කමිටුව, මීට පෙර 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙකු සහ 2020 වසරේ මහර බන්ධනාගාරයේදී රැඳවියන් 11 දෙනෙකු ඝාතනය වූ සිදුවීම් පිළිබඳව ද සිහිපත් කර දෙයි.
එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පත් කළ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නැවත නැවතත් සිදු වන බවට එම ලිපිය මගින් චෝදනා කර ඇත.
ශ්‍රී ලංකා රජය ද අත්සන් තබා ඇති සිරකරුවන්ට සැලකීම පිළිබඳ අවම සම්මුතිය හෙවත් 'නෙල්සන් මැන්ඩෙලා' ජාත්‍යන්තර රීතීන්ට අනුව ද මෙවැනි අවස්ථාවක රජය වගකීමෙන් බැඳී සිටින බව එම කමිටුව අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්