යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් නෙරපයි..
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානියා වූ ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කර තිබේ.
ජනපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, එරට ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු දින කිහිපයක් පුරා රට පුරා පැවති විරෝධතා මධ්‍යයේය.
35 හැවිරිදි ෆෙදොරොව්, ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයෙකි.
කෙසේ වුවද 60 හැවිරිදි සර්ස්කි, හමුදාව තුළ අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මැලිවන පැරණි සෝවියට් නායකයෙකු වශයෙන් ඇතැමුන් විසින් විවේචන එල්ල කර තිබුණි.
සර්ස්කි වෙනුවට මේ වනවිට 43 හැවිරිදි යුද අත්දැකීම් බහුල ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි (Mykhailo Drapatyi) පත් කර ඇත.
2022 වසරේ රුසියානු ආක්‍රමණයේ මුල් අවධියේ කියුව් නගරය ආරක්ෂා කිරීම ඇතුළු සර්ස්කිගේ සේවය අගය කරමින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද දමා තිබේ.
එමෙන්ම ෆෙදොරොව්ට රජයේ වැදගත් නව තනතුරක් ලබාදීමට යෝජනා කළ බවද ඔහු සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..