තව අවුරුදු 25කට අනුරට තරඟයක් දෙන්න කවුරුත් නෑ.. එහෙනං මං වගේ දිව්‍ය ලෝකයෙන් ආපු සෙට් එකක් බහින්න ඕන.. – ඇමති අරුණ මාලිමාවේ විශ්‍රාමික හමුදා සාමුහිකයට කියයි
විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජයට පත් කළ බවත් ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ඉවරම කර දැමිය යුතු බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර අවධාරණය කරයි.
"2024 අවසානයේ මැතිවරණ දෙකෙන් අපි පළවාහැරියේ කාවද කියන එක හොඳින් වටහාගත යුතුයි. මේ ලෝකයේ සිටින දරුණුතම සංවිධානාත්මක අපරාධ හා ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ සියලුම මහා අපරාධවලින් සමන්විත වූ අපරාධ ජාලයකින් සමන්විත දේශපාලන අධිකාරියක්. ඒවා එකින් එක ගලවන්න අපිට සිද්ධ වුණා. ඒ විපක්ෂය අපි පරාජය කරලා ඉවරයි.
නමුත් අපි ඉතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතුව ඇත. මෙතන ඉන්න කවුරුහරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාත් එක්ක තරඟ කරන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම්. එන්න ඉන්න නායකයෙක්? නැගී එන නායකයෙක්? වෙන පක්ෂයක්, ව්‍යාපාරයක් මේ ජාතික ජන බලවේගයත් එක්ක මුහුණට මුහුණට තරග කරන්න ඉදිරියේදී තියෙන ඕනෙම මැතිවරණයකදී ඉන්නවා නම් කියන්න.
එහෙම නම් මේ මම වගේ, අරුණ ජයසේකර වගේ හොඳ, උඩින්, දිව්‍ය ලෝකයෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනෙ. ආයෙ නෑ කවුරුත්. ඒ තරම් දුරට දේශපාලනයේ ඔවුන්ගේ ඉවර කර හමාරයි. දැන් අපි මේ අද හම්බවෙලා තියෙන්නෙ මොකටද ? ඔබලා අපි එකතුවෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි."
නි. ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මේ බව පැවසුවේ ඉකුත් 19 දා හෝමාගමදී පැවති ආණ්ඩුවේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්