
හිමාලයා ප්‍රකාශනය මගින් සත්‍ය සෙවීමේ හා වගවීමේ පනත ගේන්න ජනපති රනිල් දෙමළ මන්ත්‍රීවරුන්ට ප්‍රතිඥා දී තිබෙනවා - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස
2022 මාර්තු මාසයේ දී පැවැත් වූ මානවහිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ දෙමළ මධ්‍යස්ථ ඩයස්පෝරාව සම්බන්ධකර ගනිමින් එයට විසඳුම් සපයා ගනු ලබන බව යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා සඳහන් කරයි.
එම අදහස ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන්නේ ජී.එල්. පීරිස් මහතා විසින් බව තේරුම්ගත හැකි බවත්, එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදුනේ ද දෙමළ ඩයස්පෝරාව සම්බන්ධ කරගැනීමට යාමෙන් බවත් යසස් ධර්මදාස මහතා පවසයි.
යුද අපරාධ චෝදනාවලින් ගැලවීමට ස්වභාවික යුක්තිය යොදා ගත්තේ නම් ප්‍රශ්නය මෙතරම් දුරදිග නොයන බවත්, අද වෙන විට දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක කරමින් සිටින බෙදුම්වාදී ව්‍යාපෘතිය වර්ධනීය තැනකට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා එදා ගත් තීරණය ද බලපා ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
හිමාලයා ප්‍රකාශනය මගින් සත්‍ය සෙවීමේ හා වගවීමේ පනත ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ මන්ත්‍රීවරුන්ට ප්‍රතිඥා දී ඇති බවද, ප්‍රශ්නය ඇත්තේ යුද්ධය අවසන් කිරීමට දායක වූ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙහිදී නිහඬව පසුවීම බවත් යසස් ධර්මදාස මහතා වැඩිදුරටත් පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 2009 ජනවාරි 02 දින මානුෂික මෙහෙයුම මගින් කිලිනොච්චිය මුදාගැනීම සමරා ඊයේ(02) දිනයේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
