හිමාලයා ප්‍රකාශනය මගින් සත්‍ය සෙවීමේ හා වගවීමේ පනත ගේන්න ජනපති රනිල් දෙමළ මන්ත්‍රීවරුන්ට ප්‍රතිඥා දී තිබෙනවා - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස
2022 මාර්තු මාසයේ දී පැවැත් වූ මානවහිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ දෙමළ මධ්‍යස්ථ ඩයස්පෝරාව සම්බන්ධකර ගනිමින් එයට විසඳුම් සපයා ගනු ලබන බව යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා සඳහන් කරයි.
එම අදහස ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන්නේ ජී.එල්. පීරිස් මහතා විසින් බව තේරුම්ගත හැකි බවත්, එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදුනේ ද දෙමළ ඩයස්පෝරාව සම්බන්ධ කරගැනීමට යාමෙන් බවත් යසස් ධර්මදාස මහතා පවසයි.
යුද අපරාධ චෝදනාවලින් ගැලවීමට ස්වභාවික යුක්තිය යොදා ගත්තේ නම් ප්‍රශ්නය මෙතරම් දුරදිග නොයන බවත්, අද වෙන විට දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක කරමින් සිටින බෙදුම්වාදී ව්‍යාපෘතිය වර්ධනීය තැනකට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා එදා ගත් තීරණය ද බලපා ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
හිමාලයා ප්‍රකාශනය මගින් සත්‍ය සෙවීමේ හා වගවීමේ පනත ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ මන්ත්‍රීවරුන්ට ප්‍රතිඥා දී ඇති බවද, ප්‍රශ්නය ඇත්තේ යුද්ධය අවසන් කිරීමට දායක වූ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙහිදී නිහඬව පසුවීම බවත් යසස් ධර්මදාස මහතා වැඩිදුරටත් පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 2009 ජනවාරි 02 දින මානුෂික මෙහෙයුම මගින් කිලිනොච්චිය මුදාගැනීම සමරා ඊයේ(02) දිනයේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්