ඉන්දු - ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට සංශෝධන..
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විත්ව බදු අය කිරීම වැළැක්වීමේ ගිවිසුම අවභාවිත කරමින් සිදුකරන බදු වංචා සහ බදු පැහැර හැරීම් වැළැක්වීම සඳහා අදාළ බදු ගිවිසුම සංශෝධනය කිරීමට ඉන්දීය මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දෙරට අතර ඇති කරගත් මෙම සංශෝධිත නව ප්‍රොටෝකෝලය පසුගිය ජූනි 19 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති අතර, ඉන්දීය මුදල් අමාත්‍යාංශය මඟින් ඒ පිළිබඳ නිල නිවේදනය නිකුත් කර ඇත.
මෙම නව සංශෝධනවලට අදාළ විධිවිධාන 2027 අප්‍රේල් 01 වනදා සිට ලබන ආදායම් සඳහා ඉන්දියාව තුළ බලපැවැත්වෙනු ඇති.
මෙම සංශෝධනය හරහා අන්තර්ජාතික වශයෙන් පිළිගත් 'ප්‍රධාන අරමුණු පරීක්ෂාව' නමැති බදු විරෝධී නීතිමය රාමුව දෙරට අතර ගිවිසුමට ඇතුළත් කර තිබේ. එමඟින් කිසියම් ආයෝජනයක හෝ ව්‍යාපාරික ගනුදෙනුවක ප්‍රධාන අරමුණ සැබෑ වාණිජ කටයුත්තකට වඩා බදු සහන ලබා ගැනීම පමණක් බව පෙන්නුම් කරන්නේ නම්, අදාළ බදු සහන අහෝසි කිරීමට ඉන්දීය බදු බලධාරීන්ට පූර්ණ බලතල හිමිවේ.
නියමිත බදු ගෙවීම්වලින් මිදීමට හෝ අඩු බදු ප්‍රතිශතයන් ලබාගැනීමේ අරමුණින් සිදුකරන කපටි ව්‍යාපාරික ව්‍යූහයන් වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
සැබෑ ආර්ථික හා වාණිජමය පදනමක් සහිත ව්‍යාපාරික ගනුදෙනු සඳහා පමණක් ද්විත්ව බදු සහන හිමිවන බව තහවුරු කිරීම මෙමඟින් සිදු කෙරෙන බව මූල්‍ය හා නීති ක්ෂේත්‍රයේ විදෙස් විචාරකයෝ පෙන්වා දෙන්නේ.
මුලාශ්‍රය : The Idian Express
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්