
කිලිනොච්චිය මුදාගෙන වසර 12කට පසු රණවිරුවන් පවා දෙන මෙහෙයුම කරළියට - විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස්
2009 ජනවාරි 02 දා මානුෂික මෙහෙයුමේ හැරවුම් ලක්ෂය වූ කිලිනොච්චිය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට හැකි වූ බවත්, එහි සතුට පසුගිය වසර දක්වාම තිබුන ද එළඹුනු වසරේ දී ඒ සතුට වෙනුවට ඇත්තේ දැඩි කණගාටුවක් බවද විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ 2009 ජනවාරි 02 දින මානුෂික මෙහෙයුම මගින් කිලිනොච්චිය මුදාගැනීම සමරා ඊයේ(02) දිනයේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති විශේෂ වැඩසටහනකින් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ නායකත්වය යුද්ධයෙන් අවසන් කිරීමට හැකි වුවද, ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු එම යුද්ධයෙන් අවසන් කිරීමට නොහැකි වූ බවද, යුද්ධය අවසාන කොටසේ දී එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය නතර කරන්න යැයි ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් පැමිණිය ද ඔහු එය නතර නොකරම ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට නායකත්වය සැපයූ බවද ඒ මහතා මෙහිදී පැවසීය.
බොහෝ අය මෙරටට 17 වතාවක් ආක්‍රමණ දියත් වූ බව පැවසුවද, සැබවින්ම මෙරටට ඇතිවූ තවත් නූතන අක්‍රමණ 2ක් එයට එකතු කළ යුතු බවත්, එනම් යහපාලන රජය පත්වීම හා 69 ලක්ෂයක ජනවරමක් ලබාගත් නායකයකු පළවා හැරීමට දියත් වූ 'අරගලය' එබඳු තවත් ආක්‍රමණ දෙකක් ලෙස හඳුනාගත හැකි බවත් ජගත් ඩයස් මහතා මෙහිදී මෙන්වා දෙන ලදී.
අරගලය තුළින් ඇති කළ දේශපාලනික හා සමාජීය ගැටලුවල දිගුවක් ලෙස අද වන විට රට බෙදීමේ මාර්ග සිතියමේ කොටසක් ලෙස 'හිමාලයා ප්‍රකාශනය' කරලියට පැමිණ ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
