News Category
From Date
To Date
Maximum Number of Result

මහා සංඝරත්නයට එල්ල වන කෙනෙහිලිකම්වලට එරෙහිව ජූලි 27 දා කොළඹ දී මහා සංඝ සමුළුවක්..

Jul 18, 2026 at 02:16 PM
|

දේශපාලන බලය අවභාවිත කරමින් පොදුවේ මහා සංඝරත්නය ඉලක්ක කොට සිදු කරනු ලබන විවිධ කෙනෙහිලිකම්, අපහාස කිරීම්, අවමන් කිරීම් සහ කායික හා වාචසික හිංසනයන්ට එරෙහිව එළඹෙන ජූලි මස 27 වැනිදා පස්වරු 2.30 ට කොළඹ දී මහා සංඝ සමුළුවක් (පොදු මහාසභා සම්මේලනයක්) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

"ශාසනාරක්ෂක සංඝ සභාව" වෙනුවෙන් එහි සභාපති මණ්ඩලය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමි, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි සහ ආචාර්ය පූජ්‍ය ලැගුම්දෙනියේ පියරතන හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ නිවේදනයක මේ බව සඳහන් වේ.

එම නිවේදනය පහළින්..

උපුටා ගැනීම..............

අතිපූජනීය නායක ස්වාමීන්දුයන් වහන්ස,

ගරු කටයුතු අපේ හාමුදුරුවනේ,

වර්තමානයේ අපේ රටේ පවත්නා ජාතික ආගමික දේශපාලනික වාතාවරණය පිළිබඳව ඔබවහන්සේලාට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේයැයි සිතමු. මේ රටෙහි මුරදේවතාවුන් ලෙස මහා සංඝරත්නයේ ඓතිහාසික ජාතික වගකීම හිසින් දරා ගනිමින් සක්‍රීය ලෙස උඩුපටිපන්නව හා අදීනව නැගී සිටීමට කාලය එළඹ ඇතැයි සිතමු. රටත් දැයත් සමයත් විවිධ මිත්‍යා බලවේගයන්හි පමණක් නොව බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට නතුව දේශපාලන බලය අවභාවිත කරමින් පොදුවේ මහාසංඝරත්නය ඉලක්ක කොට සිදු කරන ක්‍රියාදමයන් පිළිබඳව බෞද්ධ මහජනයා මෙන් ම බොහෝ භික්ෂූන් වහන්සේ ද දැඩි කනස්සල්ලෙන් පසුවෙති. ප්‍රබුද්ධ මහ ජනයා, මහානායක හිමිවරු ප්‍රමුඛ වගකිව යුතු භික්ෂූන් වහන්සේ දෙස වපර ඇසින් බැලීමටත් අප්‍රසන්නතාවෙන් කතා කිරීමටත් පටන් ගෙන ඇත. අප නිහඬව නොසිට සංවිධානය විය යුතු කාලය එළඹ ඇත.

ශ්‍රී ලාංකේය මහා විහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට එරෙහිව අපහාස කිරීම්, අවතක්සේරු කිරීම්, අවමන් කිරීම්, අලාභහානි කිරීම්, කායික හා වාචසික හිංසනය කිරීම් මඟින් මෙම එදිරිවාදිකම් සිදු කරනු ලැබේ. අන්‍යාගමිකයන් හා අන්‍යාගමික ඒ හා බැඳි ආයතන විසින් ද අන්‍ය ජාතිකයන් හා ඔවුන්ගේ ඇතැම් සංවිධාන විසින් ද ඇතැම් විප්‍රවාසීන් (ඩයස්පෝරා) විසින් ද ඇතැම් දේශපාලන මතධාරීන් විසින් ද හින්නෝන්මාදි උන්මත්තකයන් විසින් ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මඟින් මෙහෙයවනු ලබන බෞද්ධ විරෝධී සමාජ ජාලා ක්‍රියාකාරීන් විසින් ද මුදාහැර ඇති වැඩ පිළිවෙලෙහි ඇතැමෙක් ඍජු ක්‍රියාකාරීන් වන අතර ඇතැමෙක් මූල්‍ය හා දෘෂ්ඨිවාද සපයන්නෝ වෙති.

සියවස් ගණනාවක් තිස්සේ අනාදිමත් කාලයක සිට අරිට්ඨ පරපුරේ සිරිලක් මහසඟන ලෙසට අපි, ජීවිතය ම දිය කරමින් මේ පින්බිමේ සම්බුදු සසුන රකගෙන ආවෙමු. ලොවටම දයාවන්ත වූ කරුණාවේ දහම රැකගෙන ආවෙමු. ජීවි අජීවි සමස්ත ලෝකයාට ම එක සේ පැතිරූ මහා මෙත් මුනි දේශනාව සුරැකිය යුතු එකම දේ ලෙස ගෙන දිවි දී රැකගත්තෙමු. උපතින් ම උරුම වූ මාපියන් සොයුරන් ඥාතීන් ඒ නිසාම අත්හැරියෙමු. ගිහි සැප ද දේපල ද ඒ වෙනුවෙන් ම ප්‍රතික්ෂේප කළෙමු. ඕනෑම විෂය ධාරාවකින් උගෙන ඕනෑම වෘත්තියක නියුක්ත වීමට ඇති මානව අයිතිය ස්වේච්ඡාවෙන් මඟහැර භාෂා, ධර්ම, ශාස්ත්‍ර උගෙන සම්බුදු සසුනේ නිත්‍ය සාමාජිකයන් වී සැදැහැවත් ගිහියන්ගේ ද දායකත්වයෙන් මේ බිමේ දහම ද සංස්කෘතිය ද රැකගත්තෝ අපි ම වෙමු. ඒ දහම ද ඒ දේශනාව ද ඒ සංස්කෘතිය ද අප බලා සිටිය දී ම විනාශ කූඩුපට්ටම් කොට අතුරුදහන් කිරීමට වලිකන ජාතිභ්‍රෂ්ට දේශද්‍රෝහී අන්තගාමී බලවේග ඉදිරියේ නිවට ජාතියක් විලසට දෙදණ බිම හොවා තවදුරටත් ඉවසා වදාරමු ද? අපේ පැවිදි හා ගිහි නායකයින් දියසෙන් කුමරු සේ පැමිණ සක්දෙවි වරම් ලැබ වැඩමවා සතර වරම් මහරජවරු හතර දෙසින් පැමිණ උපුල්වන් දෙව් වරමෙන් සම්බුදු සසුන සුරකිනා තෙක් සනීපෙට සැතපෙමු ද?

සිංහල බෞද්ධ ජන ප්‍රජාව ප්‍රමාණාත්මක ව හීන වීමත් ගුණාත්මක ව දුර්වලවීමත් කායික හා මානසික සෞඛ්‍ය සම්පන්න භාවය හීන වීමත් දුර්ජනයන්ගේ සාවද්‍ය ප්‍රචාර කරණ කොට ගෙන පැවිද්ද සඳහා දෙමාපියන් විසින් දරුවන් යොමු නොකිරීමත්, අඡේකම රුදුණු ගම හා පන්සල අතර වූ සුහද සබැඳියාව ඒ නිසාම දුරස්ථවීමත්, සසුන්ගත වීමට අභිප්‍රේරණයක් නොවීමත්, භික්ෂු අධ්‍යාපනය යාවත්කාලීන නොවීමත්, භික්ෂු දෙගුරු භූමිකාව අමතක වීමත්, ශික්ෂණ මූල අධ්‍යාපනය නැවතීමත් අදාළ ප්‍රස්තුතය අරබයා රාජ්‍ය හා සාම්ප්‍රදායික ප්‍රභූ ගිහි ප්‍රජා නායකත්වයේ වගකීම් ගිලිහී යාමෙන් භික්ෂු ආයතනික නියාමන යාන්ත්‍රණයේ කළමනාකරණ දුර්වලතා මතුවීමත් ඊට හේතූන් බව අප විසින් පිළිගත යුතුය ඇත. ඒ අනුව ඉහත සඳහන් ගැටලුව විසඳීම අරබයා එය ශාස්ත්‍රීය ව හදාරා විසඳුම් සෙවිය යුතු යැයි අපි විශ්වාස කරමු.

එහෙයින් ශ්‍රී ලාංකේය මහා විහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම සක්‍රීයව පවත්වාගෙන යන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීමත්, ශාසනාරක්ෂාව පිළිබඳ වූ රාජ්‍ය හා සාම්ප්‍රදායික ප්‍රභූ ගිහි ප්‍රජා නායකත්වයේ හා හුදී ජනයාගේ වගකීම සිහිගැන්වීමත්, සමස්ත භික්ෂු නායකත්වයේ සහ භික්ෂු ප්‍රජාවගේ අනුල්ලංඝනීය ස්වයං වගකීම පිළිබඳ සාක්ෂි දැරීමටත් පොදු මහාසභා සම්මේලනයක් පැවැත්වීමට තීරණය කළෙමු. මෙම සහ සමුළුව ආණ්ඩු විරෝධී හෝ පුද්ගල/ආයතනික හා කණ්ඩායමක් බලගැන්වීම අරබයා වන ක්‍රියාකාරකමක් නොවන බව අවධාරණය කරමු.

එහෙයින් අදාළ යෝජනා ආණ්ඩුව වෙත ඉදිරිපත් කෙරෙන 2026 ජූලි 27 වන දින සවස 2.30 ට කොළඹ දී පැවැත්වෙන මහාසභා සම්මේලනයට වැඩම වන්නට ආරාධනාවක් ලෙස මෙම ලිපිය පිළිගන්වන්නෙමු.

ශාසනාරක්ෂක සංඝ සභාව වෙනුවෙන්

සභාපති මණ්ඩලය

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි

ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි

උපුටා ගැනීම අවසන්.......

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.