සිංහල බෞද්ධයන් පිට පාස්කු වගකීම පැටවීමේ කුමන්ත්‍රණයට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ මහා සංඝරත්නය අධිකරණ භූමියේදී හඬ අවදි කරයි..
ISIS ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම සිංහල බෞද්ධ ජනතාව මත පැටවීමට ඇතැම් පාර්ශ්වයන් විසින් දරන්නා වූ කුප්‍රකට උත්සාහයන් පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සිය දැඩි පිළිකුල සහ විරෝධය පළ කර සිටියි.
දේශපාලන සහ සිවිල් ක්ෂේත්‍රයන්හි පෙනී සිටින අන්තවාදී කල්ලි විසින්, රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වැනි රණවිරුවන් ඉලක්ක කරගනිමින් දියත් කර ඇති දේශපාලන දඩයම වහාම නැවැත්විය යුතු බව එම සංසදය අවධාරණය කරයි. මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් සිදු කෙරෙන විමර්ශන හරහා, සලේ මහතා දේශපාලන බිල්ලක් බවට පත් කිරීමට දරන උත්සාහය පිටුපස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශානි අබේසේකර, රවි සෙනවිරත්න, දිලීප පීරිස් සහ අනුර කුමාර දිසානායක යන පිරිස් ක්‍රියා කරන බවට ද සංසදය සෘජුවම චෝදනා කරයි.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ෂාමේන්ද්‍ර වික්‍රමාරච්චි, විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් මෙන්ම පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය අඟුරුවැල්ලේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාජ නියාය පත්‍රයන්ට එරෙහිව පෙළගැසෙන ලෙසයි.
පාස්කු වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටුකිරීම වෙනුවට, විදේශීය ආයතන හා චැනල් ෆෝ වැනි නාලිකාවල පදනම් විරහිත ප්‍රකාශ මත පදනම් වෙමින් බුද්ධි අංශ ප්‍රධානීන් දඩයම් කිරීම රටේ ස්වෛරීභාවයට එල්ල වන බරපතළ තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහෙමින් පවතින බැවින්, මානුෂීය පදනම මත ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, දේශපාලන අරමුණු සහිත පරිපාලනමය රැඳවුම් කාල සීමාවන් දීර්ඝ නොකර විනිවිදභාවයකින් යුතු සාධාරණ නීතිමය ක්‍රියාවලියක් කඩිනම් කිරීමටත් වත්මන් රජය කටයුතු කළ යුතු බව ද සංසදය වැඩිදුරටත් කියා සිටියි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ:
"මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ රිට් පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස තමන් ඇතුළු පිරිස අද දින පුරාවටම අධිකරණයේ රැඳී සිටියා. සුරේෂ් සලේ මහතා යනු රටම දැනගත යුතු, රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ දක්ෂ බුද්ධි නිලධාරියෙක්. ශානි අබේසේකර, රවී සෙනවිරත්න සහ දිලීප පීරිස් වැනි අයට රට රැකීමේ සැබෑ වුවමනාවක් නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ සලේ මහතාට විශාල හානියක් කිරීමටයි. අප අධිකරණය හමුවට පැමිණියේ එම හානිය වළක්වා ගැනීමට බැවින් අවසානයේදී සත්‍යය ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් පවතිනවා. අද දින පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන ජනාධිපති නීතිඥවරයා ඉතා දක්ෂ ලෙස කරුණු දැක්වූ අතර, ඒ අනුව අධිකරණය විසින් ලබන අගෝස්තු මාසයේ 4, 6 සහ 21 යන දින තුන නඩු විභාගය සඳහා ලබා දුන්නා. එම දිනවලදී සුරේෂ් සලේ මහතාට සාධාරණය ඉටුවනු ඇතැයි අප විශ්වාස කරනවා."
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ෂාමේන්ද්‍ර වික්‍රමාරච්චි මහතා දැක්වූ අදහස්:
"මෙම නඩුව පිටුපස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු බුද්ධි අංශ සහ සිංහල බෞද්ධ ප්‍රජාව මත පාස්කු ප්‍රහාරයේ බර පැටවීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. මෙම කුමන්ත්‍රණය වත්මන් ආණ්ඩුව, කාදිනල්වරයා මෙන්ම රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් විසින් මෙහෙයවනු ලබන්නක් බවට අප සෘජුවම චෝදනා කරනවා. පාස්කු ප්‍රහාරය සිදුවන බව කාදිනල්වරයා කලින්ම දැන සිටි බැවින් එදින පල්ලි ගියේ නැහැ. රවී සෙනවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් යන අයට ප්‍රහාරය වැළැක්වීමේ හැකියාව තිබියදී එය මඟහැර ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවේදී ඔවුන්ම පිළිගෙන තිබෙනවා. තමන් අතින් සිදුවූ එම බරපතළ වැරදි වසාගැනීම සඳහා ඔවුන් බාහිර පාර්ශවයන් මත වරද පටවමින් යුද හමුදා බුද්ධි අංශ විනාශ කිරීමේ සැලැස්මක නිරත වනවා. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව හෝ ජාතික අභිමානයක් ඇති ජනතාව ඊට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. මෙම දේශද්‍රෝහී කුමන්ත්‍රණවලට එරෙහිව සහ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙළගැසෙන ලෙස සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා දැක්වූ අදහස්:
"සලේ මහතාගේ රිට් පෙත්සමට අමතර පාර්ශවයක් ලෙස අප සංසදය ඉදිරිපත් වූයේ රටේ නීතිය හා සාධාරණත්වය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ලෝකයාට පෙන්වා දීමේ අරමුණින්. මෙම අධිකරණ ක්‍රියාවලිය ඉතා මන්දගාමී සහ නීත්‍යානුකූල නොවන පසුබිමක සිදුවන බවත්, අධිකරණ ක්‍රියාමාර්ග නොපනත් ලෙස තමන් සතු කරගැනීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බව පෙනී යන බැවින් ඊට සහයෝගයක් ලෙස අප මැදිහත් වුණා. කාදිනල්වරයා විසින් මෙම රිට් පෙත්සම විභාගයට නොගත යුතු බවට කළ ප්‍රකාශය ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනි, ඉතා නින්දිත ප්‍රකාශයක් වන අතර කාදිනල්වරයාගේ මෙවැනි අප්‍රසන්න ක්‍රියාකලාපයන් කතෝලික ජනතාව පවා අනුමත නොකරන බව අප විශ්වාස කරනවා. ශානි සහ රවී සෙනවිරත්න යන මහත්වරුන්ට මෙලෙස බුද්ධි තොරතුරු ක්‍රියාත්මක නොකර සිටීමට සහ බුද්ධි අංශ කඳවුර සම්පූර්ණයෙන්ම මට්ටම් කිරීමට නියෝග දුන්නේ එවකට සිටි දේශපාලන අධිකාරිය වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම විය යුතු බවට සැක පළ කරනවා. එම නිසා ඉදිරියේදී රවී සහ ශානිට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස වෙතද මෙම කුමන්ත්‍රණ චෝදනාවල ඇඟිල්ල දිගු විය යුතු අතර ඒ පිළිබඳව ඉදිරියේදී නීතිමය පියවර ගත යුතුයි."
සටහන - දුලාර ගුණතිලක
කැදවුම්කරු, සිංහල සංවිධාන එකමුතුව
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්