හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි..
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ පවුලේ අය සහ ව්‍යාපාරික කණ්ඩායම් 10කට සම්බන්ධ ටකා බිලියන 760ක (අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් පමණ) වත්කම් බංග්ලාදේශ රජය ඊයේ (15) රාජසන්තක කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙය ඇයට සහ අවාමි ලීගයට (Awami League) එරෙහිව ගත් නවත්ම ක්‍රියාමාර්ගය සනිටුහන් කරන බවයි වාර්තා සඳහන් කරන්නේ.
හිටපු අග්‍රාමාත්‍යවරිය මේ වසර අගදී නැවත ඩකා නුවරට පැමිණීමට බලාපොරොත්තු වන බවට ඉඟි කර ඇති පසුබිමකයි මෙම නවතම පියවර ගෙන ඇත්තේ.
ඇගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය කියා සිටියේ, සිය ගණනක් විරෝධතාකරුවන් මිය ගිය 2024 ජූලි සහ අගෝස්තු විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය 1 (Inteational Crimes Tribunal 1) විසින් පනවන ලද දඬුවම් ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීම සඳහා ඇය නැවත පැමිණීම පිළිගන්නා බවයි.
පසුගිය පෙබරවාරි මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් රජය චෝදනා කර ඇත්තේ, හසීනා ඇගේ 15 වසරක ධූර කාලය තුළ ඇගේ ඥාතීන්ට සහ ඇයට සම්බන්ධ ව්‍යාපාරික කණ්ඩායම්වලට ප්‍රතිලාභ ලබා දෙමින් නීති විරෝධී ලෙස වත්කම් රැස් කර ඇති බවයි.
බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකයට (Bangladesh Financial Intelligence Unit) අනුව, බලධාරීන් බංග්ලාදේශය තුළ ඇති ටකා බිලියන 570ක වත්කම් සහ විදේශයන්හි ඇති තවත් ටකා බිලියන 190ක වත්කම් අත්හිටුවා තිබේ.
එම ආයතනයේ ප්‍රධානී ඉක්තියාර් මොහොමඩ් මාමුන් සිය වාර්ෂික ක්‍රියාකාරකම් සාරාංශය මාධ්‍යයට ඉදිරිපත් කරමින් කියා සඳහන් කර ඇත්තේ, හසීනා සහ ඇයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනවල කොටසක් ලෙස බලධාරීන් නඩු 98ක් ආරම්භ කර ඇති බවයි.
ඇය බලයෙන් පහකිරීමෙන් පසු, ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය අවාමි ලීගයට දේශපාලන කටයුතුවල නිරත වීම තහනම් කළ අතර, මැතිවරණවලට තරග කිරීම ද වැළක්වීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..