හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි..
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ පවුලේ අය සහ ව්‍යාපාරික කණ්ඩායම් 10කට සම්බන්ධ ටකා බිලියන 760ක (අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් පමණ) වත්කම් බංග්ලාදේශ රජය ඊයේ (15) රාජසන්තක කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙය ඇයට සහ අවාමි ලීගයට (Awami League) එරෙහිව ගත් නවත්ම ක්‍රියාමාර්ගය සනිටුහන් කරන බවයි වාර්තා සඳහන් කරන්නේ.
හිටපු අග්‍රාමාත්‍යවරිය මේ වසර අගදී නැවත ඩකා නුවරට පැමිණීමට බලාපොරොත්තු වන බවට ඉඟි කර ඇති පසුබිමකයි මෙම නවතම පියවර ගෙන ඇත්තේ.
ඇගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය කියා සිටියේ, සිය ගණනක් විරෝධතාකරුවන් මිය ගිය 2024 ජූලි සහ අගෝස්තු විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය 1 (Inteational Crimes Tribunal 1) විසින් පනවන ලද දඬුවම් ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීම සඳහා ඇය නැවත පැමිණීම පිළිගන්නා බවයි.
පසුගිය පෙබරවාරි මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් රජය චෝදනා කර ඇත්තේ, හසීනා ඇගේ 15 වසරක ධූර කාලය තුළ ඇගේ ඥාතීන්ට සහ ඇයට සම්බන්ධ ව්‍යාපාරික කණ්ඩායම්වලට ප්‍රතිලාභ ලබා දෙමින් නීති විරෝධී ලෙස වත්කම් රැස් කර ඇති බවයි.
බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකයට (Bangladesh Financial Intelligence Unit) අනුව, බලධාරීන් බංග්ලාදේශය තුළ ඇති ටකා බිලියන 570ක වත්කම් සහ විදේශයන්හි ඇති තවත් ටකා බිලියන 190ක වත්කම් අත්හිටුවා තිබේ.
එම ආයතනයේ ප්‍රධානී ඉක්තියාර් මොහොමඩ් මාමුන් සිය වාර්ෂික ක්‍රියාකාරකම් සාරාංශය මාධ්‍යයට ඉදිරිපත් කරමින් කියා සඳහන් කර ඇත්තේ, හසීනා සහ ඇයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනවල කොටසක් ලෙස බලධාරීන් නඩු 98ක් ආරම්භ කර ඇති බවයි.
ඇය බලයෙන් පහකිරීමෙන් පසු, ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය අවාමි ලීගයට දේශපාලන කටයුතුවල නිරත වීම තහනම් කළ අතර, මැතිවරණවලට තරග කිරීම ද වැළක්වීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..