හෙද හිඟයට පිළියමක් ලෙස විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න.. - මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි
මෙරට පවතින උග්‍ර හෙද හිඟයට කඩිනම් පිළියමක් වශයෙන් දැනට විශ්‍රාම ගැන්වීමට ආසන්න වයසේ පසුවන සියලුම හෙද හෙදියන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවසාන දිනය වසර දෙකකින් කල් තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතුව අද (14) දින ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, මේ වන විට මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇති අතර, රෝහල්ගත නොවී නිවෙස්වල පසුවන රෝගීන්ද සැලකූ විට එම සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි.
ඩෙංගු රෝගීන් මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාමට මූලික හේතුව මදුරුවන් වුවද, එම රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා සිටින හෙද හෙදියන්ගේ සංඛ්‍යාව බරපතළ ලෙස අඩු වීම තත්ත්වය වඩාත් දරුණු වීමට හේතු වී ඇතැයි එහි සඳහන්.
වත්මන් රජය නවක හෙදියන් බඳවා ගැනීමට සූදානම් වුවද, ඔවුන්ගේ පුහුණු කාලයෙන් පසුව රෝහල් සේවයට අනුයුක්ත කිරීමට තවත් වසර 3ක් පමණ ගත වන බැවින්, පවතින සේවක ඌනතාවය මත දැනට එක් හෙද නිලධාරියෙකුට තිදෙනෙකුගේ වැඩ කොටසක් කිරීමට සිදුව ඇති බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මෙම දැඩි සේවා පීඩනය නිසා හෙද නිලධාරීන්ද රෝගී වීමේ ප්‍රවණතාවයක් පවතින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරති.
එබැවින් මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා විශ්‍රාම යාමට ආසන්න හෙද නිලධාරීන්ගේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සෘජු හා අතිවිශේෂ පෞද්ගලික අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි