උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා වෙත සන්දේශයක් භාර දෙයි
උතුරු පළාතේ ස්ථාපිත කර ඇති යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා වෙත විශේෂ සන්දේශයක් භාර දීමට 'සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව' ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කටයුතු කර තිබේ.
'සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව' ඇතුළු රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටින දේශප්‍රේමී සිංහල බෞද්ධ ජනතාව සහ විවිධ සිවිල් කණ්ඩායම් නියෝජනය කරමින් මෙම සන්දේශය සකස් කර ඇත.
අද දින පෙරවරු 10:00 ට අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය වෙත පැමිණි එම නියෝජිත පිරිස, ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් එහි පැමිණි උසස් නිලධාරීන් වෙත මෙම සන්දේශය නිල වශයෙන් භාර දෙන ලදී.
වත්මන් දේශපාලන පක්ෂ සහ විවිධ කණ්ඩායම් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරද්දී, රටට සහ ජාතික ආරක්ෂාවට ආදරය කරන පොදු මහජනතාවගේ හඬ බලධාරීන් වෙත සන්නිවේදනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ බව එම සංවිධාන පවසති.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි