‘ඩිජිටල් ස්වෛරීභාවය’ ගැන කතා කරන්න ජාත්‍යන්තර විද්වතුන් කොළඹට..
දත්ත ඒකාධිකාරයන් හරහා ඩිජිටල් ආර්ථිකය නව අධිරාජ්‍යවාදී බලවේගයක් බවට පත්වෙමින් ඇති පසුබිමක, ගෝලීය දකුණේ (Global South) රටවල් සඳහා ඊට විකල්ප ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන විශේෂ සංවාදයක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
‘අධි-අධිරාජ්‍යවාදය සහ ඩිජිටල් ස්වෛරීභාවය’ (Hyper-Imperialism and Digital Sovereignty) යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම සංවාදය, ඒෂියා ප්‍රොග්‍රෙස් ෆෝරම්, ට්‍රයිකොන්ටිනෙන්ටල් සමාජ පර්යේෂණ ආයතනය සහ ගෝලීය දකුණු පර්යේෂණ ශාස්ත්‍රීය සංසදය එක්ව සංවිධානය කරනු ලබන්නකි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන දේශකයන් ලෙස ට්‍රයිකොන්ටිනෙන්ටල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ විජයි ප්‍රෂාද් සහ ගෝලීය දකුණු පර්යේෂණ ශාස්ත්‍රීය සංසදයේ මහලේකම් ජී ෂියොන්ග් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
වැඩසටහන් විස්තර:
දිනය: ජූලි 20 වනදා
වේලාව: සවස 3:30 ට
ස්ථානය: රුසියානු මධ්‍යස්ථානය (Russian Center), අංක 10, නිදහස් මාවත, කොළඹ 07.
භාෂාව: ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන්
මෙම වැඩසටහන සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, සහභාගී වන්නන් හට දේශකයන් වෙතින් ප්‍රශ්න විමසීමටද අවස්ථාව සලසා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි