වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..
ආණ්ඩුව විසින් වී මිලදී ගැනීම ආරම්භකර වී ගොවියාගේ ගැටළු විසඳීමට උත්සාහ ගැනීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා. යල කන්නයේ ඇස්තමේන්තු ගත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක්. ඔහු එම අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 40,000ක් මිලදී ගැනීම එනම් වෙළෙඳපොළ තුළ 5% ක මැදිහත්වීමක් කිරීම තුළින් ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා කියනවා. ඔහු සමහර වෙලාවට මිලදී ගත් වී ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් කියනවා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා බව පෙන්වීමට. මේ පැලැස්තර වලින් වී ගොවියාගේ ප්‍රශ්නයක් ලෙස පෙන්වන රටේ ආහාර සුරක්ෂිතතාවයට අදාළ බරපතළ උපාය මාර්ගික ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කිරීම මගින් රටත් ආණ්ඩුවත් දෙකම අර්බුදයට ලක්වෙනවා. කෙටි කාලීනව ගොවි පවුල් ලක්ෂ 20 ක විරෝධය සමනය කරන්න බැහැ මේ සිල්ලර වැඩවලින්. ගොවියාට අවම වශයෙන් නාඩු කිලෝ එකකට රු. 150ක් ලැබිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි