තවදුරටත් සේවය කරන්න පුලුවන් කියලා අධිකරණ, සෞඛ්‍ය වෘත්තිකයන් කියනවා.. විශ්‍රාම වයස දිගු කිරීම ගැන සලකා බලනවා.. - ඇමති නලින්ද ජයතිස්ස
රාජ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධිකරණ ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවාව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයින්ගෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
විශේෂයෙන්ම අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණ විනිසුරුවරුන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් ද තමන්ට තවදුරටත් සේවය කිරීමට හැකියාව පවතින බැවින් විශ්‍රාම වයස වැඩි කරන ලෙස ඉල්ලා ඇති බව ඔහු පැවසීය.
"විවිධ වෘත්තීය මට්ටම්වලින් මේ ඉල්ලීම ඉදිරිපත් වෙලා තිබෙනවා. තමන්ට තව කාලයක් සේවය කිරීමට ශක්තිය සහ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබිය හැකි වුවත්, රජයක් ලෙස අප මෙම සියලු ඉල්ලීම් පිළිබඳව මේ වන විට සලකා බලමින් සිටිනවා," යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි