සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරමින් ඇමති වසන්තගෙන් ගැසට්ටුවක්..
2007 අංක 07 දරන සමාගම් පනත සහ සමිති ආඥා පනත යටතේ පවතින සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අදාළ සංශෝධිත නියෝග ප්‍රකාශයට පත් කරමින් නව ගැසට්ටුවක් නිකුත් කර තිබේ.
මෙම නව නියෝග මාලාව අනුව පැරණි ගැසට් නිවේදනය සංශෝධනය කෙරේ.
මෙමඟින් මීට පෙර ක්‍රියාත්මක වූ 2022 ඔක්තෝබර් මස 25 වැනි දිනැති අංක 2303/07 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළකරන ලද සමාගම් (ගාස්තු) නියෝග සහ සමිති (ගාස්තු) නියෝග වෙනස් කරමින් නව උපලේඛනයක් හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.
2007 අංක 07 දරන සමාගම් පනතේ 477 වන වගන්තිය සමඟ කියවිය යුතු 527 වන වගන්තිය යටතේ සහ 2005 අංක 11 දරන සමිති ආඥා පනත (සංශෝධිත) සමඟ කියවිය යුතු 1981 අංක 16 දරන සමිති ආඥා පනතේ 19 වන වගන්තිය යටතේ පැවරුණු බලතල ප්‍රකාරව විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි