බන්ධනාගාර සිදුවීමේදී මියගිය ජේලර්වරයෙකුට ලක්‍ෂ පහක වන්දියට ජේලර්ලාගෙන් විරෝධය..
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් වෙනුවෙන් රජය විසින් පිරිනැමීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ පහක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් බන්ධනාගාර නිලධාරි එකමුතුව ප්‍රතික්ෂේප කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, සිය ජීවිතය පරදුවට තබා සේවය ඉටු කළ නිලධාරීන් අට දෙනෙකුගේ ජීවිත රුපියල් ලක්ෂ පහකට තක්සේරු කිරීම එම නිලධාරීන්ට සිදු කරන බලවත් අපහාසයක් බවයි.
පසුගිය ජූලි 06 වනදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදී නිලධාරීන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ අතර, තවත් පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මියගිය නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ලබා දීම, මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත ඔවුන්ගේ සම්පූර්ණ විශ්‍රාම වැටුප හිමි වන සේ කටයුතු කිරීම, තුවාල ලබා රෝහල්ගතව සිටින නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ලබා දීම බන්ධනාගාර නිලධාරි එකමුතුව බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර සාධාරණ විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, සමස්ත බන්ධනාගාර නිලධාරීන් ඒකාබද්ධ වී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද එම සංගමය සිය ලිපිය මඟින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි