මහ බැංකුවේ විදෙස් සංචිත පහළ බසී..
මෙරට විදෙස් සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
මහ බැංකුව විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනුයේ පසුගිය මැයි මාසයේදී මෙරට සමස්ත සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,881ක් පැවැතියද එය ජුනි මාසයේදී පහත වැටී ඇති බවය.
ඒ අනුව ජුනි මාසයේදී මෙරට පැවති සංචිත ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් වන අතර එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 431ක පහත වැටීමකි.
මෙම සංචිත අඩුවී සඳහා විදෙස් මුදල් සහ රන් සංචිත පහළ යාම හේතු වී ඇති බවද මහ බැංකුව අදාළ වාර්තාවේ පෙන්වා දී තිබේ.
එහිදී පසුගිය මැයි මාසයේදී විදෙස් මුදල් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,661ක් වාර්තා වී තිබුණද එය ජුනි මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 407ක අඩුවීමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 6,254ක් ලෙස සටහන් වී ඇත.
තවද රන් සංචිතවල සැලකිය යුතු පහළ යෑමක්ද මෙහිදී වාර්තා වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සටහන් වී තිබේ.
ඒ අනුව පසුගිය මැයි මාසයේදී රන් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 216ක් ලෙස වාර්තා වී තිබුණද පසුගිය ජුනි මාසයේදී රන් සංචිතවල පහළ යාමක් පෙන්නුම් කරමින් එය ඩොලර් මිලියන 191ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අනුව පසුගිය මැයි මාසයට සාපේක්ෂව මෙරට රන් සංචිතයේද කැපී පෙනන අඩු වීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි