විනිසුරු විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම විනිසුරු සංගමය ඒකමතිකව පරාජයට පත් කරයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද මතභේදාත්මක යෝජනාව අධිකරණ සේවා සංගමය (JSA) විසින් ඒකමතිකව පරාජයට පත් කර තිබේ.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අද (11) පැවැති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම තීරණාත්මක රැස්වීමට සහභාගී වූ විනිසුරුවරුන් සියලු දෙනාම පාහේ රජයේ මෙම උත්සාහයට සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, යෝජනාවට පක්ෂව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වී නොමැති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරාම මෙම යෝජනාව මුල් කරගනිමින් අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තා සහ කතාබහක් නිර්මාණය වී තිබුණි. අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව සහ එහි ලේකම් සුරංග මුණසිංහ මහතා ඇතුළු පිරිස මුල සිටම අවධාරණය කළේ මෙම යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතළ තර්ජනයක් බවයි.
මේ අතර, පවතින දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේන මහතාට ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ බව වාර්තා වේ.
විවිධ බලපෑම් හේතුවෙන් මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට පවා බාධා එල්ල වී ඇති බව අනාවරණය වේ. මුලින් මෙම මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, ඊට අවසර නොලැබීම හේතුවෙන් අවසන් මොහොතේදී රැස්වීම පැවැත්වෙන ස්ථානය කඩුවෙල දක්වා වෙනස් කිරීමට සංවිධායකයින්ට සිදු වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි