විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාව හමුවේ අධිකරණ ක්ෂේත්‍රය උණුසුම් වෙයි.. විනිසුරු සංගමයේ විශේෂ රැස්වීමක් අද
අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට උත්සාහ කරන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමයේ (JSA) විශේෂ මහ සභා රැස්වීමක් අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා සිය ‘සංදේශය’ යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
මුලින් මෙම රැස්වීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, ඊට අවසර නොලැබීම හේතුවෙන් ස්ථානය කඩුවෙල දක්වා වෙනස් කිරීමට සිදු වූ බව වාර්තා වේ. මෙම රැස්වීමේදී අදාළ ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රහස් ඡන්දයක් විමසීමට ද නියමිතය.
රජයේ මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට අධිකරණ සේවා සංගමයේ බහුතරයක් විනිසුරුවරුන් දැඩි විරෝධය පළ කර ඇති අතර, ඔවුන් එය සලකන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතළ තර්ජනයක් වශයෙනි.
මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ, රජයේ යෝජනාවට පක්ෂපාතී ස්ථාවරයක සිටි බව කියන අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් සංගමයේ ලේකම්වරයා ඇතුළු පිරිසකට චෝදනා එල්ල කර ඇති අතර, ලේකම් සුරංග මුණසිංහ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ සැලසුම් කළ පරිදි අද දින රැස්වීම පවත්වන බවයි.
මෙම යෝජනාවට එරෙහි වන විනිසුරුවරුන් මර්දනය කිරීම සඳහා වැටුප් වර්ධක අත්හිටුවීම, විදේශ සංචාර අවලංගු කිරීම සහ විනය පරීක්ෂණ පවත්වන බවට තර්ජනය කිරීම වැනි විවිධ බලපෑම් එල්ල වන බවට තොරතුරු අනාවරණය වී ඇත. මීට අමතරව, මෙම යෝජනාවට විරුද්ධත්වය පළ කළ ඉසුරු නෙත්තිකුමාර සහ උද්දාල සුවඳුරුගොඩ වැනි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් කිහිපදෙනෙකු හදිසියේම මාරු කර යැවීම ද ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි