රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීමට අදාළ නිර්දේශ සහිත වාර්තාව භාරදෙයි..
දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා වඩාත් ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් නව වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ සඳහා වන නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාව, එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් ඊයේ (10) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාවේ අතුරු විධාන, පවතින නීති රීති, ආඥා පනත් මෙන්ම අදාළ නඩු තීන්දු ද පුළුල් ලෙස අධ්‍යයනය කරමින් බන්ධනාගාර ක්ෂේත්‍රයේ පරිපාලනමය අඩුපාඩු සකස් කිරීම සඳහා මෙම කමිටුව පත් කෙරුණේ 2025 ජුනි 25 දින රැස්වූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුවය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂ කමිටුව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුභසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අභයනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මෙන්ම ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරුන් වන රොෂානි හෙට්ටිගේ සහ චන්දිමා වැලිකල යන මහත්ම මහත්මීහු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දායකත්වය සපයා ඇත.මෙම නව ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන්නේ දැනට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීමයි.
එමෙන්ම, රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියේ පවතින අඩුලුහුඬුකම් මඟහරවා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බන්ධනාගාර පද්ධතියක් මෙරට තුළ නිර්මාණය කිරීම සඳහා මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ සලකා බලා ඒවා ඉදිරියේදී සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කටයුතු කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි