ඩෙංගු තත්ත්වය පාලනයෙන් තොරයි.. සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න - වෛද්‍ය චමල් සංජීව
මේ වන විට ඩෙංගු රෝගී තත්ත්වය රට තුළ දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, බස්නාහිර පළාත ඇතුළු පළාත් රැසක හැට දහසකට ආසන්න පිරිසකට නිල වශයෙන් රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය ඉහළ අගයක පවතින අධි අවදානම් කලාපවල පිහිටි රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම වෘත්තීය පුහුණු ආයතන අවම වශයෙන් සති දෙකකට ආසන්න කාලයක් වසා දමා අදාළ පරිශ්‍රයන් පිරිසිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල දැඩි අවධානය යොමු විය යුතු බව ඔහු පෙන්වා දෙයි.
රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වී රෝගීන් විශාල වශයෙන් වාර්තා වූ පසුව පාසල් හෝ විශ්වවිද්‍යාල වසා දැමීමෙන් පලක් නොවන බවත්, මේ වන විට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් පවා දැඩි ලෙස වෙහෙසට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම, ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැතිකමින් බොහෝ ඩෙංගු රෝගීන්ට රෝහල්වල ඇඳන් යට හෝ කොරිඩෝවල රැඳී සිටීමට සිදුව ඇති අතර එමඟින් ඔවුන්ගේ ජීවිත අවදානම තවදුරටත් ඉහළ යන බවද වෛද්‍යවරයා අවධාරණය කරයි.
“අශ්වයා පලා ගිය පසුව ස්ථාලය වැසීමෙන් පලක් නැහැ”
යන්න පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, පවතින බරපතළ තත්ත්වය කෙරෙහි කඩිනම් අවධානය යොමු කර අදාළ අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දැමීමට බලධාරීන් වහාම තීරණයක් ගත යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි