අන්තවාදී ක්‍රියා ගැන බුද්ධි වාර්තා ශානි - රවී නිලධාරීන්ට ලබා දී නෑ.. - පෙත්සම් විභාගයේදී සුරේෂ් සලේගේ නීතිඥවරයා අධිකරණයට කියයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ(10) යළි සලකා බැලීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පැවසුවේ සහරාන් හෂීම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බව ජනක් ද සිල්වා කොමිසම හමුවේ අනාවරණය වී තිබෙන බවයි.
මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම ඔහුගේ අරමුණ වූ බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
2019 ජනවාරි මස 25 වනදා සිට අප්‍රේල් මස 20 වනදා දක්වා සහරාන් හෂීම් ඇතුළු තව්හීද් ජමාත් සංවිධානය සිදුකළ සහ සිදුකිරීමට නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට වාර්තා යොමු කර තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කර ඇති බවත්, එහෙත් ඒවා වැළැක්වීමට ඔවුන් කිසිම පියවරක් නොගත් බවත් එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත.
ඔවුන් එම වාර්තා අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන සිදු කරන නිලධාරීන්ටද ලබාදී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වාසල තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි නමැති නිලධාරීයා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා හෙළිකරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි