බන්ධනාගාර දොරේ හිලෙන් වෙඩි තැබූ නිලධාරියාට පාතාලයෙන් තර්ජන..
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට හසුවී අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් සිටි සිය සහෝදර නිලධාරීන් බේරා ගනිමින් රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව බිඳගෙන පලායෑම වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බවට වාර්තා වෙයි.
මෙම මරණ තර්ජන බොහොමයක් ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය ඇතුළු විදේශයන්ගෙන් බවද ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ තම ජීවිතය පවා නොතකා සහෝදර නිලධාරීන් බේරා ගැනීමට මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වූ මෙම නිලධාරීයාට නිසි ආරක්‍ෂාවක් ලබාදිය යුතු බවයි.
ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (8දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා වටකර ගත් නිලධාරීන් එක හඬින් කියා සිටියේ, මේ වීරෝදාර නිලධාරියා බේරා ගැනීමට මෙන්ම ඔහුට ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුම ඇති වූ අවස්ථාවේ නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙමින් රැඳවියෝ පිරිසක් කලහකාරී ලෙස හැසිරුණහ.
රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොර අවහිර කරගෙන ප්‍රාණ ඇපයට ගත් නිලධාරීන්ට පහර දෙමින් සිටි අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ මෙම නිලධාරියාය.
මෙම නිලධාරියා බන්ධනාගාර දොරටුවෙන් ඇතුළතට අවියක් එල්ල කර වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දොරටුව අවහිර කරගෙන සිටි රැඳවියෝ එය අතහැර පලා ගියහ. පසුව දොරවල් විවෘත කරගත් බන්ධනාගාර නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු එහි ඇතුළු වී ප්‍රාණ ඇපයට ගෙන සිටි නිලධාරීන් මෙන්ම තුවාල ලබා සිටි රැඳවියන් ද බේරාගෙන රෝහල් කරා යැවීමට කටයුතු කළහ.
- හේමන්ත රන්දුණු
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි