අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට ප්‍රශ්නයක් වෙලා.. - අසුන වෙනස් කරන්නැයි ඉල්ලා කථානායකට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා ගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අර්ච්චුනා මන්ත්‍රීවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධියේ තමාට අපහාස කරමින්, ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සිටින බවය.
එවන් තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු සභාගර්භය තුළ තමාට නුදුරින් අසුනක අර්ච්චුනා මන්ත්‍රීවරයා අසුන්ගෙන සිටීම තමාගේ අවධානය වෙනතකට යොමුවන බවද කථානායකවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය මඟින් ගජේන්ද්‍රකුමාර් අවධාරණය කර ඇත.
අදාළ මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායමකින් ප්‍රථම වරට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර, සාමාන්‍යයෙන් එවැනි මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සිදුකරනු ලබන්නේ පිළිගත් දේශපාලන පක්ෂවල සියලුම ජ්‍යෙෂ්ඨ නායකයින් සහ මන්ත්‍රීවරුන්ගෙන් පසුව බවද අදාළ ලිපියෙහි දක්වා තිබේ.
කෙසේ වෙතත්, සාමාන්‍ය සම්ප්‍රදායට පටහැනිව, පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අසුන් ගැනීමට අවසර දී ඇති බැවින් මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වී අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ ආසනය වෙනස් කර දෙන ලෙස ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි