මීගමුව බන්ධනාගාර සිදුවීම රට ගිලගන්නා මහා අරාජිකත්වයක ආරම්භක ලකුණක්... - දිලිත්
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ බිහිසුණු ලේ වැගිරීම වත්මන් සමාජයේ පවතින සැබෑ ඛේදජනක යථාර්ථය සහ රට තුළ නිර්මාණය වෙමින් පවතින මහා අරාජිකත්වයක ආරම්භක ලකුණක් බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පැවැති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව සිය මුළු ශක්තිය සහ කාලයම පටු දේශපාලන අරමුණු සහ දේශපාලන පළිගැනීම් සඳහා පමණක් වැය කරමින් සිටින බවයි.
ලංකා ඉතිහාසය පුරා බන්ධනාගාර කැරලි සහ ගැටුම් රැසක් වාර්තා වී තිබුණ ද, රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු එකම ස්ථානයකදී ඝාතනය වූ පළමු අවස්ථාව මෙය බව දිලිත් ජයවීර සිහිපත් කළේය.
වත්මන් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් පිරිසක් පැමිණ ඇති බවට 'මල් පැල' යන වචනයෙන් හැමෝම ආඩම්බරයෙන් කතා කළ ද, රටේ ප්‍රගතිය තීරණය කරන කිසිදු නිර්ණායකයකින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් පාලකයන්ට බුද්ධිමත් හෝ උගත් ප්‍රවේශයක් නොමැති බව ඔහු පැවසීය. බන්ධනාගාරගතව සිටි සියලු දෙනා කුඩුකාරයන් ලෙස හංවඩු නොගසා, රටේ පවතින නීති පද්ධතියේ අඩුපාඩු නිසා එහි ගිය මිනිසුන් ද සිටින බව වටහා ගැනීම යුක්තිගරුක බව හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුව සංදර්ශන පවත්වමින් රට ඉදිරියට යන බව පැවසුව ද, රටේ පවතින සැබෑ මූල්‍ය සහ ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් කරමින් සිටින බව දිලිත් ජයවීර අනාවරණය කළේය.
ආණ්ඩුවේ එකම කාර්යය වී ඇත්තේ දිනපතා ප්‍රවෘත්ති මවමින්, කතන්දර හදමින් සහ දේශපාලන පළිගැනීම් පෙන්වමින් ජනතාව තාවකාලිකව 'චූන්' කිරීම පමණක් බවටද දිලිත් ජයවීර චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි