වී මිලදී ගැනීමේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි විද්‍යානුකූලව මැදිහත් වෙමින් ඉන්නේ.. ඇමැතිවරුන්ගේ ඩමි පුච්චන ගොවියන්ට පසුතැවෙන්න වෙයි...- ඇමති සුසිල් රණසිංහ
“ඇමැතිවරුන්ගේ ඩමි පුච්චන ගොවි මහතුන්ට පසුතැවෙන්න වෙයි” යැයි නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, තලාව ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
තඹුත්තේගම ගොවි උද්ඝෝෂණයක් තිබුණනේ. ඒ උද්ඝෝෂණ කරන උද්ඝෝෂණ ඉස්සරහම ඉන්න අයගෙන් අහන්න ඕනෙ. මේ තලාවේ මෙතන මේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා හතරක් තියෙනවා, මේකේ කෙළවරේ තියෙන ගබඩාවට මොකද වුණේ කියලා? ඒවාට උත්තර දෙන්න කියලා ඒ ප්‍රශ්න ඇහුවොත් තමයි ඒ කට්ටිය අමාරුවේ වැටෙන්නේ. මේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා හතරෙන් එකක්. පෞද්ගලික ආයතනයකට ඉඩමත් එක්ක විකුණලා තියෙන්නේ. ඒ විකුණපු මහත්වරු තමයි දැන් ඔය වී මිල සම්බන්ධයෙන් කෑ මොර දෙන්නේ ගොවියොත් යම් ප්‍රමාණයක් අරගෙන ඇවිල්ලා. අපි එනකොට වී අලෙවි මණ්ඩලය ණය කරලා, වට්ටලා, කඩා-බිඳ දමලා තමයි තිබුණේ. අපි ඇවිල්ලා වී අලෙවි මණ්ඩලය නැවත පණ ගැස්සුවා. පහුගිය කන්නවල වී සඳහා හොඳ මිලක් අපිට ගන්න පුළුවන් වුණා. වී අලෙවි මණ්ඩලය වී ගත්තා. හොඳ මිලක් අපි ප්‍රකාශයට පත් කරා, දැන් අපි වියළන යන්ත්‍ර සවි කළා. තව අපි සමුපකාර ජාලය, සතොස ජාලය මේකට එකතු කර ගන්න ඕන.
මේ දවස්වල වීවල ප්‍රශ්නයක් තියෙනවා යම්තාක් දුරකට. ඒක තාවකාලිකයි, අපි තව සති කිහිපයකින් වී මිලදී ගන්නවා. රුපියල් 120 ක ස්ථාවර මිලක් අපි දැනටමත් නාඩු සඳහා ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. තව අවුරුද්දක් විතර යනකොට මේවට වී වේළීමේ උපරකණ හයි කරලා, තව ගබඩා ප්‍රමාණය වැඩි කරලා, වී මිලදී ගැනීමේ ධාරිතාව වැඩි කරලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි විද්‍යානුකූලව මැදිහත් වෙමින් ඉන්නේ ඒ නිසා මට කියන්න තියෙන්නේ ගොවියෝ කලබල වෙන්න එපා, ඔය කරන උද්ඝෝෂණ පිටිපස්සේ අපි දන්නවා දේශපාලන හස්තයක් තියෙනවා. ඒ දේශපාලන හස්තය පිරිසුදු නෑ.
මෙම අවස්ථාවට තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක ඇතුළු එම සභාවේ මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
හේෂාර සේනාල් සෝමරත්න - අනුරාධපුර
මූලාශ්‍රය - ලංකා සී නිවුස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි