මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්..
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණි චලනි පෙරේරා මහත්මිය නියෝග කර තිබේ.
මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වෙයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබද මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ ධම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් බණ්ඩාර යන මහත්වරුන් සිද්ධිය පිළිබද අද (07) අධිකරණය වෙත කරුණු දක්වනු ලැබීය.
එහිදී මෘත දේහවලට අදාළව මරණකරුවන්ගේ පවුලේ භාරකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මෘත දේහයන් ඥාතීන් වෙත භාරදෙන ලෙසට, මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කර තිබේ.
එමෙන්ම බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණි චලනි පෙරේරා මහත්මිය නියෝග කර ඇති බව සඳහන් වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි