මීගමුව හිරගෙදර සිද්ධියෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණට අධිකරණ වෛද්‍යවරුන් 05ක්..
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පිරිසගේ මරණ පරීක්ෂණ සිදුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බව මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාරයේ පෙරේදා (05) සහ ඊයේ (06) දෙදින තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබීය.
ජීවිතක්ෂයට පත් පිරිසට, බන්ධනාගාර ජේලර්වරයෙකු ඇතුළු නිලධාරින් 07ක් සහ රැඳවියන් 19 දෙනෙකු ඇතුළත්.
තුවාල ලැබූවන් තවදුරටත් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි.
මීට අමතරව 18 දෙනෙකුට ආසන්න පිරිසක් වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිසර, රාගම සහ ගම්පහ රෝහල්වලටද මාරුකර යැවුණි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 700කට වැඩි පිරිසක් මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ.
බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක කියා සිටියේ.
පෙරේදා දිනයේදී පළමු වරට මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයක් හටගත් අතර එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
කෙසේ වෙතත්, ඊයේ උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේදී, නැවත වරක් දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයත් හටගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ.
එහිදී එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සාහ කර තිබු නමුත් ඔවුන්ටද රැඳවියන් පහර දී තිබිණි.
එම ස්ථානයෙන් පිටතට පැමිණීමට නිලධාරින් උත්සහ කිරීමේදී යළි පහර දී තිබේ.
එමෙන්ම රැඳවියන් විසින් බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව කැඩීමට ද උත්සාහ කර ඇති අතර, නිලධාරීන් විසින් එය වැලැක්වීමට යාමේදී ගැටුම්කාරි තත්ත්වය උත්සන්න වී තිබේ.
ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් පිරිසක් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයට කැඳවීමටයි පියවර ගත්තේ.
තත්ත්වය පාලනය සඳහා පොලීසිය අහසට වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබිණි.
මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිස් කණ්ඩායම් 10ක් ද යෙදවීමට බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත සඳහන් කළේය.
එමෙන්ම බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සඳහා යුද හමුදාව ද යොදවා තිබිණි.
එවන් පසුබිමක බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ ඥාතීන්ද ඊයේ බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණ තිබුණි.
මේ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගැටුම ඇතිවූ මීගමුව බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා පැමිණියේය.
මේ අතර, මීගමුව මහේස්ත්‍රාත්වරයා අද දින ස්ථානීය පරීක්ෂණයක් සදහා බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමට නියමිතයි.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේය.
එමෙන්ම අද උදෑසන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි