මීගමුව වැනි දරුණු ගැටුම් රට පුරා බන්ධනාගාරවල ඇතිවීමේ දැඩි අවදානමක් තියෙනවා - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ සෙසු බන්ධනාගාර පද්ධතිය තුළ ද දරුණු ලෙස පුපුරා යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල සිල්වා පෙන්වා දුන්නේ, බන්ධනාගාර තුළ පවතින අමානුෂික තදබදය සහ අවම පහසුකම් මෙවැනි ගැටුම් ඇතිවීමට මූලිකම හේතුව වී ඇති බවයි.
රැඳවියන් 600–650ක් පමණ රඳවා තැබිය හැකි මීගමුව බන්ධනාගාරය තුළ මේ වන විට 2,000කට අධික පිරිසක් රඳවා සිටින අතර, රැඳවියන් 250–300කට පමණ වෙන්ව ඇත්තේ එකම වැසිකිළියකි. මෙම දැඩි අපහසුතා හේතුවෙන් ඇතැම් රැඳවියන්ට වැසිකිළි තුළ පවා නිදා ගැනීමට සිදුව ඇති අතර, බන්ධනාගාර පාලනය සඳහා සිටින්නේ ද අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් වැනි සුළු පිරිසකි. මීට අමතරව, දරුණු අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කිසිදු වර්ගීකරණයකින් තොරව එකට රඳවා තැබීම ද තත්ත්වය තවත් උත්සන්න වීමට හේතු වී ඇති බව ඔහු පවසයි.
රජය මෙම සමස්ත අර්බුදය "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක්" ලෙස හුවා දක්වමින් සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ ඔහු, මීට පෙර බින්දුනුවැව, වැලිකඩ සහ මහර බන්ධනාගාරවල සිදු වූ ශෝචනීය සිදුවීම්වලදී ද බලධාරීන් මෙලෙස වගකීමෙන් බැහැර වූ බව සිහිපත් කළේය.
බන්ධනාගාර තුළ පවතින මෙම දැඩි මානසික පීඩනය සහ අර්බුදකාරී තත්ත්වයට රජය කඩිනම් විසඳුම් ලබා නොදුන්නොත්, රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ඥාතීන් සමඟ එක්ව ඉදිරියේදී වීදි බැස දැඩි විරෝධතාවල නිරත වන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි