මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මධ්‍යයත් කළඹයි..
මීගමුව බන්ධනාගාරයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන රැසක දැඩි අවධානය යොමුව ඇති අතර, Al Jazeera සහ Reuters වැනි ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාල මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම බන්ධනාගාර ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙසිනි.
අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම ගැටුමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චාමික ගජනායක මහතා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රචණ්ඩත්වය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කල්ලි අතර ඇති වූවක් බවයි.
එම වාර්තාවට අනුව, සඳුදා උදෑසන ආහාරය ලබා දෙන අවස්ථාවේදී ගැටුම උත්සන්න වී ඇති අතර, මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් හය දෙනෙකු ද සිටින බව සඳහන් වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කළ බවත්, බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් ද වහලය මත නැගී විරෝධතාවල නිරත වූ බවත් අල්-ජසීරා වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තා කර ඇත්තේ දීර්ඝකාලීන සිරදඬුවම් විඳින රැඳවියන් සහ තාවකාලික රැඳවුම් භාරයේ සිටින පිරිස් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.
රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් ලුහුබඳිමින් ප්‍රධාන දොරටුවෙන් පලා යාමට උත්සාහ කළ බවත්, එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකක සහ විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු වූ බවත් එහි සඳහන් වේ. යුද හමුදා සන්නද්ධ රථ බන්ධනාගාරය අවට ආරක්ෂාවට යොදවා තිබූ අයුරු රොයිටර් වාර්තාකරුවන් නිරීක්ෂණය කර ඇත. තවද, ඇතැම් රැඳවියන් අතට ගිනිඅවි පවා පත්ව ඇති බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කළ ප්‍රකාශය ද රොයිටර් වාර්තාවට ඇතුළත් කර තිබේ.
මෙම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද්විත්වයම ශ්‍රී ලංකාවේ මීට පෙර සිදුවූ බන්ධනාගාර ගැටුම් ද සිහිපත් කර ඇත. විශේෂයෙන් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී පුද්ගලයින් 27 දෙනෙකු මියයාම සහ 2020 වසරේ මහර බන්ධනාගාරයේදී රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිද්ධීන් සමඟ මෙම මීගමුව බන්ධනාගාර ගැටුම සැසඳීමට ඔවුන් කටයුතු කර තිබේ.
අධිකරණ අමාත්‍යවරයා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය අවධාරණය කරන්නේ, මෙය කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ අවාසනාවන්ත සිදුවීමක් බවත්, මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි