චීන ජනපති ෂී ජින්පින් මිලියන ගණනක එරට ජනතාව දුප්පත්කමින් මුදා ගත්තා - චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරයට එක්වෙමින් එජාප සභාපති වජිර අබේවර්ධන කියයි
ලෝකයේ අවිනිශ්චිත කාලවකවානුවක චීනය හුදෙකලා වීම වෙනුවට විවෘත භාවය තෝරා ගෙන තිබෙන බවත්, චීනය ශ්‍රී ලංකාවට පිරිනැමූ මිත්‍රත්වයේ සිහිවටන සදාකල්හිම චීන මතකයන් අපට ඉතිරි කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සර උළෙල අමතමිනි. මහජන චීන කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා වසර 105ක් සමරන මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්වීමට ලැබීම තමන් ලැබූ විශාල ගෞරවයක් බව සිහිපත් කළ ඒ මහතා, චීන කොමියුනිස්ට් පක්‍ෂයටත්, චීන රජයටත්, චීන ජනතාවටත් මෙන්ම ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාටත් සිය පක්ෂයේ ගෞරවනීය සුබපැතුම් පිරිනමන බව සඳහන් කළේය.
සියවසකටත් වැඩි කාලයක් පුරා චීන කොමියුනිස්ට් පක්ෂය එරට ජනතාව නැගී සිටීමේ සිට සමෘද්ධිමත් වීම දක්වා සහ ඉන්පසු ශක්තිමත් බලවතෙකු වීම දක්වා සුවිශේෂී ගමන් මඟක් ඔස්සේ ඉදිරියටම රැගෙන ගොස් ඇති අතර, ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ නායකත්වය යටතේ චීනය මිලියන සංඛ්‍යාත ජනතාවක් දුප්පත්කමින් මුදවාගෙන තිබීම මානව ඉතිහාසයේ අසමසම ජයග්‍රහණයක් බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය පාහියන් හිමියන් බුදුදහම සොයා ලංකාවට වැඩම කළ යුගය දක්වා සියවස් ගණනාවක් ඈතට දිවයන්නක් බවත්, නූතන යුගයේදී එම මිත්‍රත්වය 1952 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් අත්සන් කළ ඓතිහාසික රබර් – සහල් ගිවිසුම සමගින් අලුත් වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, නෙළුම් පොකුණ රඟහල සහ ගිං ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය වැනි මෙරට ප්‍රධාන ස්මාරක චීන ජනතාවගෙන් ලැබුණු ත්‍යාගයන් බව සිහිපත් කළ වජිර අබේවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂය සැමවිටම මෙම මිත්‍රත්වය වඩාත් පුළුල් කිරීමට කටයුතු කළ බව ප්‍රකාශ කළේය. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ‘එක් තීරයක්, එක් මාවතක්’ වැඩපිළිවෙළේ මුල්ම හවුල්කරුවකු ලෙස එක් වූ අතර, කොළඹ වරාය නගරය ඉදිරියට ගෙනයමින් 2022 වසරේ මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයේදී ආර්ථිකය ගොඩනැඟීමේ ක්‍රියාවලියට සහාය දුන් හවුල්කරුවන් අතර චීනය පෙරමුණේම සිටි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි