News Category
From Date
To Date
Maximum Number of Result

දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්..

Jul 3, 2026 at 03:49 PM
|

දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ අත්සනින්.

නව සංශෝධන අනුව දියර ආහාරවල අන්තර්ගත සිනි ප්‍රමාණයන් රතු ඇම්බර් සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගීකරණයට ලක්කීරිමේදී අන්තර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමාණය තවදුරටත් අඩුකර තිබේ.

ඒ අනුව රතු වර්ණයෙන් නිරූපිත මිලිලීටර් 100ක අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය 11 සිට 8 දක්වා අඩු කර තිබේ.

ඇම්බර් වර්ණයෙන් දක්වන සීනි ප්‍රතිශතයද මිලිලීටර් 100ට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසයන් දක්වා අඩු කර ඇතැයි සඳහන් වේ.

නව සංශෝධන අනුව කොළ වර්ණයෙන් දැක්වෙන සීනි ග්‍රෑම් ප්‍රමාණය  2.5ට අඩු විය යුතුයි.

ඊට අමතරව අදාළ සංඛේත ලාංජන ඇසුරම් මත ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් වන විකල්ප ක්‍රම නව සංශෝධනවලට ඇතුළත් කර තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන 'නින්නාද' සජීවී දේශපාලන සාකච්ඡාව අද රාත්‍රී 8.30 ට සජීවීව විකාශය වීමට නියමිතය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (3) නියම කළේය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (03) අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩු ආරම්භයේදීම නිදහස් කරන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු DIG නිලන්ත ජයවර්ධන කළ ඉල්ලීම් සිවිල් අභියාචනා මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව එළැඹෙන 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.
අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය මූලික පහසුකම් පවා අවම මට්ටමක පැවති පසුබිමක, දැඩි කැපවීම සහ උත්සාහය පෙරදැරි කරගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට සේරුවිල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් සමත්ව සිටින්නීය.
The Telegraph පුවත්පත විසින් කරන ලද විශ්ලේෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ නිල උසස් අධ්‍යාපන දත්තවලට අනුව, එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් මේ වන විට සුළුතරයක් බවට පත්ව ඇති බවයි.

ප්‍රධාන පුවත්

එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් සුළුතරයක් බවට පත්වී ඇතැයි Telegraph පුවත් පත පවසයි

The Telegraph පුවත්පත විසින් කරන ලද විශ්ලේෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ නිල උසස් අධ්‍යාපන දත්තවලට අනුව, එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් මේ වන විට සුළුතරයක් බවට පත්ව ඇති බවයි.

තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ.. - උදය ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

"දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකටත් වඩා වේගයෙන් රටක් විනාශ කරනවා" - අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන

ස්වභාවික ආපදාවලින් සිදුවන හානියට වඩා ඉතා කෙටි කාලයකින් රටක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට දුර්වල අධිකරණ පද්ධතියකට හැකියාව පවතින බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පවසයි.

මාලිමාවේ ‘ලස්සන ජීවිතය’ ගොවියා මහමඟට ඇද දමලා.. රනිල් - ජේ. ආර්. ගිය නව ලිබරල් මඟ යමින් මාලිමා රජය ගොවි ජනතාව පාවා දීලා.. - ජයන්ත සමරවීර

වත්මන් ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුව බලයට පත් වුණේ මේ රටේ පොදු ගොවි ජනතාවගේ සහ වැඩකරන ජනතාවගේ කරමතින් වුවද, බලයට පත්වූ වහාම ඔවුන් ගොවියා පාවා දී මහා පීඩාවකට ඇද දමා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” දෙන බව කියා බලයට පැමිණි පාලකයින් අද වන විට රටේ සමස්ත ගොවි ජනතාවම හිඟමනට පත් කර මහමඟට ඇද දමා ඇති බවයි.

මා තහඩුකෑලි එල්ලාගෙන ඉන්නවා කියා දිලීප පීරිස් අධිකරණයේදී කීවා.. රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු ජයග්‍රහණ තහඩු කෑලි නෙවෙයි.. - විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානී සුරේ සලේ විසින් ඊට එරෙහිව ගොනුකල පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයට සලකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තමන්ට සහ රණවිරු පදක්කම්වලට අපහාසාත්මක ලෙස අදහස් පළ කළ බව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතා පවසයි.

මාර්තුවේ ඇරඹි අත්නගල්ල, අලවල සංචාරක කදවුර වල්වැදිලා..

විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගනිමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒමේ අරමුණින් පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කරන ලද අත්තනගල්ල, අලවල එළිමහන් කඳවුරු ව්‍යාපෘතිය (Camping Site) මේ වන විට දැඩි ලෙස වල් වැදී විනාශ වෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹදී විශේෂ සැමරුම් උත්සවයක්..

චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 105 වන සංවත්සරය සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (ජූලි 1) දින කොළඹදී පැවැත්විණි.

බදු පදනම පුළුල් කරන්නැයි IMF රජයට දන්වයි..

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ කණ්ඩායමක් 2026 වසරේ ජුනි 24 සිට 30 දින දක්වා කොළඹ සංචාරය කළ අතර, මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය.

සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න.. - අධිකරණයෙන් නියෝග

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය (Password) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) සැකකාර සුරේෂ් සලේට නියෝග කළේය.

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ ඉරණම වෙනස් කළා.. - චීන ජනපති ෂී ජින් පිං කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සර උත්සවයේ දී කියයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් බෙයිජිංහි පැවති නිල සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, වසර 105ක් පුරා විහිදුණු පක්ෂයේ අඛණ්ඩ අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කිරීමට සමත් වී ඇති බවයි. මෙම ඓතිහාසික ගමන්මඟ චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කරන මෙම වසර 105ක ඉතිහාසය ලෝක ඉතිහාසයේ ගමන් මඟ ශක්තිමත්ව ගොඩනැගීමට ද සෘජුවම දායක වී ඇති බව අවධාරණය කළේය.

විදේශ විනිමය වංචා පිටුපස ඇති තිත්ත ඇත්ත සඟවා මහජනයාට විහිළු කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - ජාතික සංවිධාන කියයි

ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය වංචා සිදුවන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය මුල්කරගෙන එම වංචාකරුවන් හෙළිදරව් කළ යුතු බවට විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

හයිටි යන රණවිරුවන්ට කෑගහන සංවිධාන, සලේ ගැන විමර්ශනය කරන චෝදනා ලත් නිලධාරීන් ගැන නිහඬයි.. සලේගේ මානව හිමිකම් කඩවෙලා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීම හරහා මානව හිමිකම් කඩවීමක් සිදුව ඇති බවට පෙනෙන්නට ඇති බවත්, ඒ පිළිබඳව සහ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනීසිටීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස සැම විටම කටයුතු කරන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

"පාස්කු පරීක්ෂණවලට ඇත්තටම බලපෑම් කරන්නේ කාදිනල්තුමයි, සිරිල් ගාමිණී පියතුමයි.. විමර්ශනවලින් ජනතාව නොමඟ යවනවා.. නීතියේ ආධිපත්‍යයත් අනතුරක" – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශන තුළින් මෙරට ජනතාව නොමග යැවීමකට ලක්කර ඇති බවත්, මෙම විමර්ශන ක්‍රියාවලිය මෙරට නීතියේ ආධිපත්‍ය අභියෝගයකට ලක්කරන තැනකට අද වන විට පත්කර ඇති බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නේවාසික නිත්‍ය නියෝජිත, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා නගයි.

රවි සහ ශානිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා.. විමර්ශනයේ රහස් ගම්මන්පිල හෙළිකරයි..

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.

ජපානයේ ‘නව මිලිටරිවාදයට’ එරෙහිව චීනයෙන් දැඩි ආර්ථික ප්‍රහාරයක්.. ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන්..

ජපානයේ ක්‍රියාත්මක වන “නව මිලිටරිවාදී” සහ නැවත ආයුධකරණ වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා චීන වාණිජ අමාත්‍යාංශය විසින් ජපාන ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන් පනවා තිබේ. ඒ අනුව ජපානයේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ඇතුළු ආයතන 20ක් අපනයන පාලන ලැයිස්තුවටත්, MITSUI E&S ඇතුළු තවත් ආයතන 20ක් නිරීක්ෂණ ලැයිස්තුවටත් ඇතුළත් කිරීමට චීනය පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.