ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 22,000ක්.. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම්..
ඩෙංගු රෝගීන්ගෙන් 22,000ක් ජුනි මාසේ වාර්තා වීම බරපතළ බවත් මේ වන විට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
එමෙන්ම නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග මැයි ජුනි ජූලි වැනි මාසවලදී යම් ආකාරයක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට කලින් පුරෝකථනය කෙරුණු බවත් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) රාත්‍රී හිරු ටීවී 'බලය' වැඩසටහනට එක්වෙමින්.
මෙම ඩෙංගු වයිරස ව්‍යාප්තියේ කාණ්ඩ හතරක් පවතින බවද ඔහු සඳහන් කළේය.
ලංකා ඉතිහාසයේ දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වය 2017 වසරේ පැවති බවත් එය ඩෙංගු දෙවැනි කාණ්ඩයේ වයිරසය බවත් ඔහු කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ,
''වර්ෂාවත් සමග මදුරු ඝනත්වය වැඩිවන බවත් ඒ සමග ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි. ඩෙංගු රෝගය පාලනය කරන්න පිළිගත් හොඳම ක්‍රමය තමයි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම. සරලව කීවොත් අප අවට පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි පරිශ්‍ර විනාශ කිරීම. මොන හේතුවක් මත හෝ මේ වෙලා තියෙන්නේ අධි වසංගත තත්ත්වයක් බවට පත්වීමයි. මේ වර්ෂයේ දැනට රෝගීන් 56,426ක් නිල වශයෙන් වාර්තා වෙලා තිබෙනවා. ඇත්ත සංඛ්‍යාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. බරපතළම තත්ත්වය තමයි රෝගීන්ගෙන් 22,000ක් වාර්තා වෙන්නේ ගිය ජුනි මාසේ. මැයි මාසේ 8,500යි. මේ රෝගීන්ගෙන් සියයට පනහක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒකත් බරපතළ කරුණක්. රෝගයට ගොදුරු වන බහුතරය රටේ ආර්ථිකයට දායක වන පිරිස. ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර ප්‍රදේශවල රෝගය බහුලව ව්‍යාප්ත වෙලා තිබෙනවා. දැනට මරණ 35ක් වාර්තා වෙලා. දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම්. මීට සති තුනකට කලින් දෛනික රෝගීන් වාර්තාවීම 600 මට්ටමක් තිබුණේ නමුත් දැන් 1,000 ඉක්මවලා. ගිය වසරත් එක්ක බැලුවම මේක හතර ගුණයක වර්ධනයක්.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..